හැරී කුමරු ඉපදෙන විට බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු එනම් III චාල්ස් රජු - ඔවුන්ට ගැහැණු ළමයෙකු නොව පිරිමි ළමයෙකු ලැබීම ගැන කලකිරීමට පත් වූ ආකාරය ගැන ඩයනා කුමරිය ප්‍රකාශ කරන නව හඬපටයක් නිකුත් වී තිබෙන බව බීබීසී වාර්තාවක දැක්වේ. ඩයනා මිය ගොස් ලබන බ්‍රහස්පතින්දාට වසර 26ක් සපිරෙන අතර මෙම කතා මතුවන්නේ ඒ අතරේය.
දිවංගත ඩයනා කුමරිය 1990 ගණන්වල ශ්‍රව්‍ය පටි මාලාවක් පටිගත කළ අතර 1997 දී අධිවේගී මෝටර් රථ අනතුරකින් මිය යාමට පෙර ඒවා රහසිගතව ඇගේ චරිතාපදාන රචක ඇන්ඩෲ මෝර්ටන් වෙත භාර දී තිබේ.
පළමු වරට හඩපටි කිහිපයක් අසන්නට ලැබුනේ: “ඩයනා-ඇගේ කතාවේ ඉතිරිය” නමින් ලබන වසරේ නිකුත් වීමට නියමිත වාර්තා චිත්‍රපටයකට පෙරයි.
තම සැමියා වන චාල්ස් තම සුළු මව වන රේන් ස්පෙන්සර් සමඟ කතා කරන්නේවත් නැති බව ඩයනා පවසන හඩපටයක් ABC හි Good Morning America විකාශ වුණි.
හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් 2020 ජනවාරි මාසයේදී නිවේදනය කළේ ඔවුන් බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ලෙස ඔවුන්ගේ භූමිකාවෙන් ඉවත් වන බවත් මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට කටයුතු කරන බවත්, එක්සත් රාජධානිය සහ උතුරු ඇමරිකාව ජීවත් වීමට සිතා සිටින බවත්ය.
ඊට ප්‍රතිචාර වශයෙන්, දිවංගත දෙවන එලිසබෙත් රැජින ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් තවදුරටත් වැඩ රාජකාරි ඉටු නොකරන බවත් රාජකීය රාජකාරි සඳහා මහජන මුදල් ලබා දීම නවත්වන බවත්ය.
එතැන් සිට, ඔවුන් Netflix ලේඛන මාලාවක් තුලින් මාධ්‍ය සහ රාජකීය පවුල ඔවුන්ට සලකන ආකාරය විවේචනය කරන ලදී. එසේම හැරී විසින් ඔහුගේ මතක සටහන් වන Spare හි ඔහුගේ අතීතය විස්තර කළේය .
අලුතින් නිකුත් කරන ලද හඩපට තුලින්, ඩයනා තම කුඩම්මා සමඟ තිබූ කරදරකාරී සබඳතාව ගැන විසිතර කර ඇති අතර,
එහිදී
“'මම ඔයාට ගොඩක් වෛර කරනවා. ඔයා දන්නවනම් ඔයා කරපු දේට අපි හැමෝම ඔයාට කොච්චර වෛර තරනවද කියලා. ඔයා අප්පච්චිගේ සල්ලි වියදම් කරලා අපේ නිවස විනාශ කළා , යැයි මම මට හැකි සෑම විටම කිව්වා, ”ලෙස සදහන් විය.
ඇගේ චරිතාපදාන රචක ඇන්ඩෲ මෝර්ටන් ABC හි Good Morning America වෙත පැවසුවේ කුමරියගේ හඩපට සහ රාජාණ්ඩුව පිළිබඳ ප්‍රථම අදහස් ඇසීමේ සැබෑ “අයිතිය” තමා සතුව ඇති බවයි.
"කැමිලා රැජින බවට පත් වනු ඇතැයි ඩයනා කුමරිය කිසි විටෙකත් නොසිතූ අතර, එමනිසා ඉතිහාසය දිග හැරීම සම්බන්ධයෙන් බෙහෙවින් වෙනස් ඉදිරිදර්ශනයක් ඇති බව," මෝර්ටන් පැවසීය.
පැය හතක් පුරා දිවෙන හඩපටි ඇති බව වාර්තා වන අතර , තවත් හඩපටි නිකුත් කරන්නේ දැයි ඇසූ ප්‍රශ්නයට මෝර්ටන් පැවසුවේ, “ගෝලීය උනන්දුවක් ඒ සදහා තිබුණත් , ඉදිරියේ දී කුමක් සිදුවේදැයි නිශ්චිතව කිව නොහැකි නිසා ඒ සම්බන්දව නිවැරදි පිළිතුරක් ලබා දිය නොහැකි බවයි.”
0 Comments