Catholic-Hindu-problems-apartment-room-was-bleeding-from-a-wound-lover

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණ තම පෙම්වතා සමග මාස 6 ක් ‘ලිවින් ටුගෙදර්‘ ආකාරයට වාසය කර නැවත ගුවනින් බ්‍රිතාන්‍යයේ නිවසට යන්නට පෙර දිනයේ ගල්කිස්ස නිවාස සංකීර්ණයක 13 මහළින් වැටී මියගිය තරුණියගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට අලුත් තොරතුරු ලැබී තිබේ.

සැකපිට අත්අඩංගුවට ගත් පෙම්වතා සිදු කළ ප්‍රකාශ ඇතැම්වා පරස්පර වන නමුත් සාක්ෂි හිඟවීම නිසා මෙම මරණය සියදිවි නසාගැනුමක්ද නැතිනම් තල්ලු කර සිදුවූ ඝාතනයක්ද යන්න තවම විසඳාගන්නට අපහසුවී ඇතැයි පොලිසිය කියයි.

ගල්කිස්ස බ්ලූ ඕෂන් සුඛෝපභෝගි නිවාස සංකීර්ණයේදී මියගිය තරුණිය බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට පැමිණ ඇත්තේ සිය නිවැසියන්ට බොරුවක් කියා බවටද කරුණු අනාවරණය වේ. ඇය පවසා ඇත්තේ මැලේසියාවේ සම්මන්ත්‍රණයක් හා පර්යේෂණ වැඩසටහනක් සඳහා මාස ගණනාවක් ගතකිරීමට සිදුවන ඇති බවත් ඒ වෙනුවෙන් මැලේසියා යන බවත්ය.

මේ හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සිටින ඇගේ ඥාතීන් මෙම මරණය සැලවීමෙන් පසු ඇය ලංකාවේ මියයාම ගැන ආරංචිය මුලදී විශ්වාස කර නැත.

මෙලෙස මියගොස් තිබුණේ සිත්තියා ඉලන්ගේෂ්වරම් රෝමීනා නමැති 27 හැවිරිදි ලාංකික තරුණියකි. බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අවිවාහක තැනැන්තියක් වූ ඇය උසස් අධ්‍යාපනය ලබමින් සිටියාය. නිරන්තරයෙන් මුහුණුපොත හා වට්ස්ඇප් මගින් මිතුරු සම්බන්ධතා පවත්වමින් සිටි ඇයට ශ්‍රී ලාංකික මිතුරකුද හමුවිය. ඒ රජිව් රෝදයන් කුෂාන්තන් නමැති 29 හැවිරිදි තරුණයෙකි. වැල්ලවත්තේ පදිංචිව සිටි ඔහු වසර කිහිපයක්ම නීති ශිෂ්‍යයකු ලෙස අධ්‍යාපනය ලැබ සිටියේ ස්විස්ටර්ලන්තයේය. මීට වසරකට පෙර රජීව් මෙරටට පැමිණ තිබිණි. රෝමිනා හා රජීව් අතර තිබූ මිතුදම පෙම් සබඳතාවක් බවට පත් වන්නේ මාස හයකට පමණ පෙරය.

තම පෙම්වතා සමගින් කාලය ගත කිරීමේ උවමනාවෙන් සිටි රෝමිනා පසුගිය මාර්තු මාසයේදී මෙරටට පැමිණ තිබිණි.

පසුව ඇය කොළඹ ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන ඇති අතර පෙම්වතා හා ගමන් බිමන් යමින් විනෝද වෙමින් කිට්ටු ඇසුරක් පවත්වා තිබිණි.
මෙම තරුණිය ඉහළ සමාජ පන්තියකට අයත් වූ අයෙකුය. දමිළ කතෝලික ජාතික තැනැත්තියක් වූ රෝමිනාට පෙම්වතා විවාහ කර ගැනීමට මෙන්ම ඔහු කතෝලික ධර්මයට බෞතීස්ම කර ගැනීමටද අවැසි වූවාය. හින්දු ජාතිකයකු වූ පෙම්වතා ඊට එකඟ නොවීම නිසා මුල සිටම මේ දෙපළ අතර ප්‍රශ්න ඇතිව තිබිණි.
දැනට වාර්තාවන ආකාරයට මෙම නිවාස සංකීර්ණයේ පදිංචියට ඇය එන්නේ මීට සති 3 කට පෙරයි.
රෝමිනා විසින් ස්ටර්ලින් පවුම්වලින්ම එකවර ගෙවා තිබුණේ මාර්ග ගත ක්‍රමයෙනි. සති තුනක කාලයක් පෙම්වතා සමගින් ජීවත් වූ ඇය ඉරිදා 10 වැනිදා ගුවන් මගින් එංගලන්තය බලා යෑමට සූදානමින් සිටියාය. ඇය මෙලෙස අබිරහස් ලෙස මියගොස් තිබුණේ ඊට දිනකට පෙරය.

මෙම මරණයට අදාළ ස්ථානීය පරීක්ෂාව සිදු කළ අවස්තාවේදී පෙම්වතියගේ නිදන ඇඳ මත ලේ පැල්ලම් කිහිපයක් තිබී හමුවී ඇත. ඒ පිළිබඳ පෙම්වතාගෙන් ප්‍රශ්න කිරීමේදී මියගිය පෙම්වතියගේ පාදයේ කුඩා තුවාලයක් තිබුණු බව පවසා ඇත.


මෙම මරණයට සැකපිට වැල්ලවත්තේ පදිංචි නීති ශිෂ්‍යයකු වූ පෙම්වතා ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමේදී අවසන් දිනයේත් ආගම මුල් කරගෙන වාද කළ බව පවසා තිබුනි.
 පෙම්වතිය විසින් පෙම්වතාට කතෝලික ආගමට පැමිණෙන ලෙසට බලපෑම් කළද තමා හින්දු දහම අතාරින්නට අකමැති වූ බව ඔහු කියා තිබේ.
රාත්‍රියේදී දෙදෙනා අතර ආගම සම්බන්ධයෙන් සුළු බහින්බස්වීමක් ඇති වූ බවත්, බියර් ටින් හයක් පමණ පානය කිරීමෙන් අනතුරුව නින්ද ගිය බවත්, පසුව අවදි වී බලන විට ඇය පෙනෙන්නට නොසිටි නිසා සොයා බැලීමේදී ඇගේ සිරුර දුටු බවත් ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.
ඒ අනුව තරුණියගේ පෙම්වතා බව සැලකෙන වැල්ලවත්ත පදිංචි වයස 29ක් වන තරුණයා මේ වන විට පොලිස් අත්අඩංගුවේ වැඩිදුර විමර්ශනය සඳහා තබාගෙන ඇත.

 

පෙර විස්තරය
ගල්කිස්සේ අපාර්ට්මන්ට් 13 මහලින් වැටී UK තරුණිය මරුට - Living Together පෙම්වතා අත්අඩංගුවට