About-500-people-are-burned-in-a-fire-at-a-wedding-in-Iraq

 උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය බලධාරීන් උපුටා දක්වමින් ඉරාක රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය INA පවසයි. රතු කුරුස සංගමය නිකුත් කළ තවත් වාර්තාවක පැවසෙන්නේ මියගිය ගණන 450 ඉක්මවා ඇති බවයි.

ඊසානදිග නිනිවේ ආණ්ඩුකාර ප්‍රදේශයේ හම්දානියා දිස්ත්‍රික්කයේ මෙම ව්‍යසනය සිදුව ඇත.
ඉරාක චාරිත්‍ර අනුව මංගල උත්සව තුළ විශාල වශයෙන් ගිනි කෙළි භාවිත වේ.
 ගින්න ගිනිකෙළි පත්තු කරන අතරවාරයේ පැනනැගී ඇත්තේ ගිනි ගන්නාසුලු ආවරණ වලට ගිනි ඇවිළීමෙනි.



ඉරාක සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුව, ගින්න හටගත් මංගල ශාලාව ආරක්‍ෂිත උපදෙස් උල්ලංඝනය කර අධික ලෙස දැවෙනසුළු Ecobond පුවරු වලින් ආවරණය කර තිබූ බව ANI වාර්තා කරයි.

ඉරාක රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ තුවාල ලැබූවන් Nineveh සහ Kurdistan කලාපයේ රෝහල් වෙත මාරු කර ඇති බවයි.

මියගිය සහ තුවාල ලැබූවන් පිළිබඳ අවසන් ගණනය කිරීම් තවමත් නොමැති බව බලදාරීන් පවසා තිබේ.
මනාලිය හා මනාලයා ආරක්ෂිත බව ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පැවසීය.
“මනමාලියයි මනාලයොයි හොඳින් ඉන්නවා. මම දැන් ඔවුන් සමඟ සිටියා, නමුත් මෙහි සිටින මිනිසුන්ට සිදු වූ දේ නිසා ඔවුන්ගේ තත්වය අවාසනාවන්තයි ”ආගන්තුකයා ඉරාකයේ පෞද්ගලික නාලිකාවක් වන අලව්ලා ටීවී වෙත පැවසීය.



අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල්-සුඩානි ගින්නෙන් විපතට පත් වූවන්ට සහය වන ලෙස සිය කැබිනට් මණ්ඩලයට උපදෙස් දී ඇති බව ඔහුගේ කාර්යාලයේ නිවේදනයක දැක්වේ.

"අධික ලෙස දැවෙන, අඩු වියදම් ඉදිකිරීම් ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් ගින්නෙන් සිවිලිමේ සමහර කොටස් කඩා වැටුණා ඇතුලේ හිටි අයට කරගන්න දෙයක් නැතිවුණා" යනුවෙන් මෙම ගින්න විස්තර කළ අයෙකු පවසා තිබේ.‍
ගින්න ඇතිවූ අවස්ථාවේ 1000 ක පමණ පිරිසක් ශාලාවේ සිට ඇති අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.