A-shocking-revelation-about-the-Easter-bombings-on-Channel-4-tomorrow

එක්සත් රාජධානියේ චැනල් - 4 ප්‍රවෘත්ති නාලිකාව නිවේදනයක් කරමින්,  “Sri Lanka’s Easter Bombings – Dispatches” නම් වූ 2019 පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ කම්පන සහගත හෙළිදරව් කිරීම් සහිත වීඩියෝවක් හෙට (5) විකාශය කිරීමට නියමිත බව දන්වා තිබේ.
චැනල් 4 මීට කලකට පෙර ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් සතිවල හමුදාව කොටි සාමාජිකයින් යුද නීති උල්ලංඝනය කරමින් මරාදැමූ අයුරු යයි කියමින් Sri Lanka’s Killing Fields නම් වාර්තාමය වීඩියෝවක්ද විකාශය කළේය.

“2019 ශ්‍රී ලංකාවේ මාරාන්තික පාස්කු බෝම්බ ප්‍රහාරයන් පිළිබඳ කම්පන සහගත නව හෙළිදරව් කිරීම්, ඉහළ ස්ථානගත කරන ලද විස්ල්-බ්ලොවර්ස් ආන්ඩුව තුළ සිටින නිලධාරීන්ගේ අනුග්‍රහය ඇතිව සිදුවූ බවට චෝදනා කරයි” නාලිකාව ප්‍රකාශ කළේය.



තතු දත් ආරංචි මාර්ග පැවසුවේ මෙම වැඩසටහනේ මූලික මූලාශ්‍රය දැනට සරණාගතභාවය පතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පදිංචිව සිටින පිල්ලෙයාන්ගේ හිටපු ප්‍රකාශකයා සම්බන්ධ බවයි.
ඔහු සිවනේෂ්තුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක සහ මුදල් ලේකම්වරයා විය.

මෙම වීඩියෝව අගෝස්තු 15 වැනිදා විකාශය කිරීමට චැනල් 4 නාලිකාව සැලසුම් කර තිබුණද, රාජ්‍ය බුද්ධි සේවයේ (එස්අයිඑස්) ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය නීතිඥවරුන් මාර්ගයෙන් චැනල් 4 වෙත කළ පැහැදිලි කිරීමකට අනුව එදින එම වීඩියෝව විකාශය කිරීම නවතා දැමූ බවද ආරංචි මාර්ග සඳහන් කරයි. වීඩියෝවෙන් ඔහුට එල්ල වී ඇති චෝදනා වැරදි බව නීතීඥ තර්කය විය.


මේජර් ජෙනරාල් සුරේෂ් සලේ තම නම යොදාගෙන සිදු කළ සිදුවීම්වලට අදාළ කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ රාජකාරියේ නිරත නොවූ බව සනාථ කෙරෙන ලිපි ලේඛන සහිතව චැනල් ෆෝ නාලිකාවට දන්වා තිබූ අතර
සුරේෂ් සාලිගේ ප්‍රතිචාරය අනුව චැනල්-4 වීඩියෝවේ මාතෘකාව වෙනස් කර එය හෙට විකාශය කිරීමට නියමිත බව වාර්තා විය.