Susils-proposal-to-recall-the-retired-teachers-was-thrown-out

උසස් පෙළ පන්ති සඳහා විශ්‍රාමික ගුරුවරුන් බඳවා ගැනීමට අදාළව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර කැබිනට් මණ්ඩලය ඒ වෙනුවට උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබේ.

විශ්‍රාමික ගුරුවරුන් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී නොමැත්තේ සෙසු වෘත්තීන්වලින් ද එම ඉල්ලීම කිරීමට ඉඩ තිබෙන හෙයිනි.



පවතින පුරප්පාඩු සඳහා උපාධිධාරීන් පන්දහස් හාරසියයක් බඳවා ගැනීමට මේ වන විට අයැදුම්පත් කැඳවා තිබේ. ඊට අමතරව විශ්‍රාමික සහ සේවය හැර ගොස් සිටින්නන්ගේ පුරප්පාඩුවලට බඳවා ගැනීම සඳහා ද අයැදුම්පත් කැඳවීමට නියමිතය.

පද්ධතියේ පවතින තිස් දෙදහසක් පමණ වන ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරී සංවර්ධන නිලධාරීන් අතරින් විසිහය දහසක් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර ගත් උත්සාහය අධිකරණ නියෝගයක් මත අත්හිටුවනු ලැබ ඇත.

(නිලන්ත මදුරාවල)