The-India-Pakistan-match-will-be-washed-away-by-rain-and-will-be-postponed-to-tomorrow-11

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 04 වටයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවූ අතර දැන් තරගය අද පැවැත්වීම අතැර හෙට  පවත්වන්නට විනිසුරුවන් තීරණය කර තිබේ.

තරගය පැවැත්වෙන කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට දැඩි වර්ෂාවක් ඇද හැලෙනු  නිසා මුලින් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය පිළට ඕවර 24.1 කදී තරගය නවතා ක්‍රීඩාගාරයට යාමට සිදුවිය.


වර්ෂාවෙන් තරගය නතර කරන විට පාකිස්ථාන ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලු දෙකක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටි අතර අවස්ථා කිහිපයකදීම යළි තරගය අරඹන්නට උත්සාහ කළත් වැස්ස වරින්වර පතිත වීම නිසා බලාපොරොත්තු අවම වුණි.
මින් ඉහත පෙර වටයේ තරගයේදී ඉන්දියාවට හා පකිස්තානයට තරග කරන්නට බැරිව ගිය නිසා මෙම තරගයද වැස්සට සේදීයනු ඇතැයි උපකල්පණ පැනනැගුණි.


සුපිරි 4 වටය බැවින් මෙම තරගයට අතිරේක දිනයක් ලෙස හෙට (11) දිනය ද නම්කර තිබූ අතර අද බැරි වුණොත් හෙට තරගය පැවැත්වීමේ විකල්පයට යනු ඇතිදැයි අදහස් පළ විය.
කෙසේ වෙතත් රාත්‍රී 8.30 ට විනිසුරුවන් තීරණය කළේ තරගය 9 ට ආරම්භ කරන්නටත් කණ්ඩායම් දෙකට ඕවර 34 බැගින් ලබාදී අඩු ඕවර තරගයක් පවත්වන්නටය. නමුත් නැවතත් වර්ෂාව ඇද හැලෙන්නට වූ නිසා එම තීරණයද වෙනස් විය.
දැන් තරගය අතැර හෙට (11) පවත්වන්නට විනිසුරුවන් තීරණය කර තිබේ.