ගගනගාමි ෆ්රෑන්ක් රූබියෝ දැන් දින 355කට වැඩි කාලයක් පහළ පෘථිවි කක්ෂයේ සිටිමින් එක්සත් ජනපද ගගනගාමියෙකුගේ දීර්ඝතම අභ්‍යවකාශ මෙහෙයුමේ වාර්තාව බිඳ දමා තිබේ.
2022 සැප්තැම්බර් මාසයේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටිමින් Rubio බිද දමා ඇත්තේ විශ්‍රාමික NASA ගගනගාමියෙකු වන Mark Vande Hei විසින් පිහිටවනු ලැබූ වාර්තාව බව අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රකාශකයෙකු පැවසීය.
ඔහුගේ සෙසු කාර්ය මණ්ඩල සගයන් දෙදෙනා වන සර්ජි ප්රොකොපියෙව් සහ දිමිත්‍රි පෙටලින් පෘථිවියට ආපසු එනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රුබියෝ තම මෙහෙයුම අවසන් කළ පසු අවම වශයෙන් දින 371ක් කක්ෂයේ ගත කර ඇත. ඒ අනුව ඔහු ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණයේ වඩා වැඩි කාලයක් ගත කළ පළමු ඇමරිකානුවා වෙයි
2022 සැප්තැම්බර් 21 වන දින රුබියෝ රුසියානු සෝයුස් කැප්සියුලයකින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිටත් වීමේ දී, ඔහු සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විශ්වාස කළේ මාස හයක මෙහෙයුමක් සිදු කිරීමටයි. නමුත් දෙසැම්බර් මාසයේදී රුබියෝ සහ ඔහුගේ රුසියානු සගයන් දෙදෙනා රැගෙන ගිය අභ්‍යවකාශ යානයේ සිසිලනකාරක කාන්දුවක් ඇති කළේය . ඒ අනුව රුසියාවේ අභ්‍යවකාශ ඒජන්සිය වන Roscosmos හි නිලධාරීන් , කාර්ය මණ්ඩලය සමග යානය ආපසු ගෙන්වා ගැනීම අනාරක්ෂිත බව පවසා සිටියේය. ඒ වෙනුවට, Soyuz MS-22 යානය කාර්ය මණ්ඩලය නොමැතිව මාර්තු 28 දින පෘථිවියට ආපසු පැමිණියේය. එසේම Roscosmos විසින් ප්‍රතිස්ථාපනය කරන ලද MS-23 අභ්‍යවකාශ යානය, අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පෙබරවාරි 25 වන දින දියත් කරන ලදී. මේ නිසාම Rubio ගේ ආපසු පැමිණීම සැප්තැම්බර් දක්වා දීර්ඝ විය .
සැප්තැම්බර් 5 වන දින සිදු වූ Rubio ගේ සහා Vande Hei ගේ සංවාදයක් , NASA මාධ්‍ය නාලිකාවේ අඟහරුවාදා දිනයේ දී විකාශය විය.
"මම මෙහි ශක්තිමත්ව සිටීමට පවුල තුලින් විශාල සහයෝගයක් ලැබුණා. මගේ බිරිඳ සහ දරුවන් තුළ ඇති ඔරොත්තු දීමේ හැකියාව ඉහළයි. ඔවුන් පසුගිය වසරේ අභියෝග රැසකට මුහුණ දුන්නා. සමස්ත ක්‍රියාවලියම මේ විදිහට සාර්ථක කරගන්න ඔවුන්ගෙන් ලැබුණු සහාය අති මහත්. ඒ වෙනුවෙන් මම මගේ පවුලට ස්තූති වන්ත වෙනවා." යැයි Rubio මෙම සංවාදයේ දී පැවසීය.
නාසා පරිපාලක බිල් නෙල්සන් , සඳුදා සමාජ මාධ්‍ය සටහනක් මගින් රුබියෝගේ වාර්තා පිහිටුවීම සන්ධිස්ථානයක් බව සිහිපත් කළේය.
වාර්තා පොත්වලට අනුව-
රුබියෝ සැප්තැම්බර් 27 වැනිදා පිටත්ව ගොස් දින 371 රැඳී සිටීම දීර්ඝතම අභ්‍යවකාශ මෙහෙයුම සඳහා ලෝක වාර්තාවක් නොවනු ඇත. එම වාර්ථාව හිමි වන්නේ 1994 ජනවාරි සිට 1995 මාර්තු දක්වා රුසියාවේ මිර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 437ක් අඛණ්ඩව කක්ෂගත කළ Valeri Polyakov නම් අභාවප්‍රාප්ත රුසියානු ගගනගාමීයාටයි.
නාසා ආයතනය සහ රොස්කොස්මොස් විසින් රැඳී සිටීම දීර්ඝ කිරීමට ගත් තීරණයෙන් පසු 2022 දී Vande Hei විසින් නව එක්සත් ජනපද වාර්තාවක් පිහිටුවූයේය.
Vande Hei ට පෙර දීර්ඝතම අභ්‍යවකාශ තරණය සඳහා වාර්තාව හිමි වී තිබුණේ, දින 340 මෙහෙයුමක නිරතව සිටි එක්සත් ජනපද ගගනගාමියෙකු වන Scott Kelly හටය.
0 Comments