Kotte-Tuition-sir-held-a-laser-to-the-magistrate-during-the-court-case

උපකාරක පන්තිවලදී පැහැදිලි කිරීම් සඳහා භාවිත කරන ලෙසර් පෑනක් අධිකරණයේදී අනිසි ලෙස භාවිත කළ උපකාරක පන්ති ගුරුවරයෙකු ගැන අද කඩුවෙල අධිකරණයෙන් වාර්තා විය.
කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය නඩු කටයුත්තක් මෙහෙයවමින් සිටියදී ඇය ⁣දෙසට ලේසර් පෑන ඔස්සේ කිරණ එල්ල කල  උපකාරක පන්ති ගුරුවරයා නිසා ඇයගේ රාජකාරියට බාධා ඇති විය.


අධිකරණයක හැසිරීම සම්බන්ධ ගැටලුකාරී එම තත්වය අධිකරණයේ රෙජිස්ට්‍රාර් දිලූපා ප්‍රියදර්ශනී මහත්මිය කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණිල්ලක් වශයෙන් සටහන් කළ අතර පොලිස් නිළධාරීන් විසින් අධිකරණය තුළ සෝදිසියට ලක්කර සැකකරු අත් අඩංගුවට ගත්තේය.
ඒ අනුව ඔහුව එම මහේස්ත්‍රාත් හමුවටම පත් කර තිබුණි. සැකකරුගේ  මානසික ආබාදයකින් පෙලෙන බව ඔහුගේ  මාපියන් දැනුම්දී ඇති අතර ලබන 27 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (15) දින නියෝග කළාය.


සැකකරු ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය ආයතනය වෙත ඉදිරිපත් කර අධිකරණ මානසික වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙසත් සැකකරුගේ දුරකතන දත්ත වාර්තා පරීක්ෂා කර බලා එම වාර්තා ද අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.
කෝට්ටේ කොටුබැම්ම පාර පලමු පටුමග පදිංචිකරුවකු වන  චතුෂ්ක ජනිත් ඩයස් නමැති උපකාරක පන්ති ගුරුවරයකු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළේය.