Johnny-Kitagawas-Abuse-Japans-J-Pop-World-Shakes-Up

ජපානයේ තරුණ පරම්පරාවේ ඉහළ නමක් දිනා සිටි J-pop සංස්කෘතියේ පියා ලෙස හැඳින්වූ පුද්ගලයෙකු  මරණයෙන් පසු ඔහු පෙර කළ කී ලිංගික අපයෝජනා චෝදනා වලට ලක්වීම කථාබහක් මතු කර තිබේ.
ජොනී කිතගාවා යනු ලිංගික විලෝපිකයෙකි. ඔහු J-pop හී විශාලතම තරු සාදන්නෙකු සහ උපදේශකයෙකු වූ අතර බලය, සාර්ථකත්වය සහ තරුණ පිරිමි ළමයින් සිය ගණනකගේ සිහින ඔහුගේ ග්‍රහණයේ තිබුණි. ජපානයේ ‘හෙයි‘ වැනි සංගීත කන්ඩායම් බිහිවූයේ ඔහු නිසාය.
ඔහු මීට කලකට පෙර 2019 දී මිය ගියේ වයස 87 දී ය. දශක ගනනාවක් තිස්සේ  ලිංගික අපචාර චෝදනා කිතගවාට එල්ලවූ නමුත් ඒවා ඔප්පුවී නොතිබිණි.


නැසීගිය ජොනී කිතගාවාගේ ලේලිය වන ජුලී ෆුජිෂිමා තම මාමා විසින් සිදු කරන ලද ලිංගික අපයෝජනයක් පිළිබදව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව,  ජපානයේ ප්‍රබලතම කුසලතා ඒජන්සිය වන ජොනී කිතගාවා විසින් ආරම්භ කරන ලද ආයතනය අපකීර්තියට ලක්විය. එහි සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

නව ප්‍රධානියා වන නොරියුකි හිගෂියාමාගේ පින්තූරය සිකුරාදා පුවත්පත් බොහොමයක මුල් පිටුවේ පළ වී ඇත. හිගාෂියාමා මහතා පවසා සිටියේ ජොනී කිතගාවා තමාට උපදේශකයෙකු හා පියෙකු මෙන් සිටි බවය."



සිකුරාදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, J-pop තරුවක් වන Kauan Okamoto පවසා සිටියේ, තමාට වයස අවුරුදු 15 දී Kitagawa විසින් අපයෝජනය කළ බවයි. ඔහුගේ ක්‍රියාවන්ට වෛර කරන නමුත්, තමාව සංගීත ලෝකයට හඳුන්වා දීම ගැන" ඔහුට ස්තූතිවන්ත වන බවද Okamoto පවසා සිටියේය.

ලිංගික අතවර චෝදනා හේතුවෙන් දශක ගනනාවක් තිස්සේ පැවති කිතගාවාගේ වෘත්තිය ජීවිතයට පැල්ලමක් එකතු කර ඇත.

ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් ජපානයේ තුළ ඇති ලැජ්ජාව සහ නිශ්ශබ්දතාවයේ සංස්කෘතිය, මෙවැනි අපයෝජන විශාල වශයෙන් සිදු වීමට බලපාන සාධකයකි.
ජපානයේ කාන්තාවන් පවා තමන්ට එරෙහිව සිදු කරන ලද ලිංගික හිංසනය ගැන කතා කිරීමට පසුබෑමක් දක්වයි.

(බීබීසී ඇසුරිනි)