Car-with-giant-bull-as-passenger-pulled-over-by-Nebraska-police

එක්සත් ජනපදයේ නෙබ්‍රස්කා ප්‍රාදේශීය පොලිසියට හදිසි ඇමතුමක් ලැබී ඉන් කියවුණේ, මෝටර් රථයක ඉදිරිපස මගී අසුනේ ගොනෙකු ගමන්  කරන බවයි.
Norfolk පොලිස් කපිතාන් Chad Reiman පැවසුවේ බදාදා දින උදෑසන, නගරයට ඇතුළු වන ප්‍රාථමික අධිවේගී මාර්ගය තුළදී නවීකරණය කරන ලද එම  Ford Crown Victoria සෙඩාන් රථයකදී මෙම අසාමාන්‍ය දෙය නිලධාරීන් සොයා ගත් බවයි.
" එය දකින තුරුම අපට ඒ ගැන සම්පූර්ණ අවබෝධයක් තිබුණේ නැහැ," රෙයිමන් මහතා පැවසීය.

රථයේ හිමිකරු වූ ලී මේයර්, වසර ගණනාවක් තිස්සේ කලාපය පුරා වූ පෙළපාළිවල වාහනය පදවා ඇත. හවුඩි ඩූඩි ලෙස හඳුන්වන ඔහුගේ ගොනාට ද ඔහු හා රථයේ යෑමට  ඉඩක් නිර්මාණය කිරීම සඳහා එහි ඉදිරිපස වීදුරුවෙන් අඩක් සහ වහලය ඉවත් කර තිබෙනු දැකිය හැකි විය.

කහ ලෝහ ගව ගේට්ටුවක් , මගී පැත්තේ දොර වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා කර ඇති අතර, Howdy Doody එහි ආරක්ෂිතව බැඳ සිටියේය.



වාහනයට සුවිශේෂී ලක්ෂණ එකතු කරමින්, දිගු අං යුගලයක් වාහනයේ ඉදිරිය මත සවිකර තිබුණි.

නිව්ස් චැනල් නෙබ්‍රස්කා විසින් පටිගත කරන ලද, මෙම රථයේ වීඩියෝ දර්ශන අන්තර්ජාලය හරහා ඉක්මනින් ප්‍රසිද්ධ විය.

මේයර් මහතාගේ මෝටර් රථයේ සවිකර තිබූ පුවරුවකින්, පසුගිය මාසයේ බර්වෙල්හි පැවති පෙළපාලියකදී, Howdy Doody ගේ විශිෂ්ට සවාරිය Nebraska's Big Rodeo Parade හි හොඳම මෝටර් රථ ප්‍රවේශය යන මාතෘකාව ලබා ගත් බව ප්‍රදර්ශනය කර තිබුණි.

"මෝටර් රථය සහ ගොනා සදහා වන මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ඔහු වියදම් කළ මුදලෙන් මට  අලුත්ම කුස්සියක් හදා ගන්න තිබුණා," යැයි මේයර් මහත්මිය පැවසුවාය.

මේයර් මහතාගේ මෝටර් රථයෙන් ඇතැම් මාර්ග නීති කඩකිරීම් පැහැදිලිවම සිදුවී ඇති බවත් , නමුත් ඔහු Howdy Doodyව නිවසට රැගෙන යන තෙක් අනතුරු ඇඟවීමක් පමණක් කර අත්හැරි බවත් Reiman මහතා පැවසීය .
ප්‍රාන්තයේ නීතිරීති අනුව  ඔහු වරදක් කර නොතිබිණි.