කොලොම්බියාවේ දේශපාලන පක්ෂ මැතිවරණ ප්‍රචාරණ සමයක දැන් පවතින අතර මැතිවරණයට තරග වදින අපේක්ෂිකාවකට එරෙහි මඩ ප්‍රහාරයක් ලෙස ඇගේ පුද්ගලික ලිංගික හැසිරීමකට අදාළ වීඩියෝ පටයක් ප්‍රතිවාදි කන්ඩායම් විසුරුවා හැර ආන්දෝලනයක් ඇති කර තිබේ.
ඇගේ ලිංගික ක්‍රියාවක් මෙහි ඇතුළත්ව නැතත් එරට බසින් සදාචාරයට පටහැණි ලෙස කතාකරමින්
" සුරාතාන්තය" ගැන පුරසාරම් දොඩන වීඩියෝවක් ලෙස මෙය හඳුන්වා ඇත. එය කාන්දු වීමත් සමඟ ඡන්දදායකයින් කම්පනයට පත් වී තිබේ.
ඔක්තෝබර් 29 වන දින ඇන්ටියෝකියා හි ආසනයක් සඳහා වන මැතිවරණයට ඇය තරග කරන්නීය. ක්ලිප් එක අන්තර්ජාලයට පිවිස ඇති බව දැනගත් විට කැටලිනා ජරමිලෝ නමැති මෙම අපේක්සිකාව කෝපයට පත් විය.
ඇය විසින්ම රූගත කරන ලද මෙම දර්ශන, අගෝස්තු 31 දින කරන ලද්දක් බව පැවසිණි. රාත්‍රියක ලිංගික සබඳතාවයකින් පසු ඇය තම පෙම්වතා අසල ඇඳේ උඩුකය නිරුවතින් වැතිර සිටිමින් මෙහිදී කතා කරන්නීය.
"ආයුබෝවන්, ඔබේ හරිත පක්ෂයේ ඡන්ද අපේක්ෂිකාව මම, අංක 74 ඉතා සතුටින් අවදි වුණා. ආදරයෙන්, මම බොහෝ සුරාන්තයට පත් වූවා.. අමතක කරන්න එපා මට ඡන්දය දෙන්න" ස්පාඤ්ඤ භාෂාවෙන් ඇය පවසයි.
වීඩියෝව ප්‍රසිද්ධියට කාන්දුවීමෙන් පසු පළමු වරට ඇය ෆේස්බුක් වෙත ගොස් ඇගේ අපහසුදායි තත්වය තේරුම්ගෙන ඒ පිළිබඳව "අවබෝධ" කරගන්නා ලෙස ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියාය.
ප්‍රාදේශීය ප්‍රවෘත්ති ආයතනයක් වන El Colombia සමඟ අදහස් දක්වමින් Jaramillo පැවසුවේ මෙම දර්ශන ඇයගේ අවසරයකින් තොරව නිකුත් කර ඇති බවත් විහිළුවට කළ දෙයක් බවත් එය නිල ප්‍රචාරක වීඩියෝවක් නොවන බවත්ය.
"මම කිසිම අසභ්‍ය කොටසක් පෙන්වන්නේ නැත, මම අසභ්‍ය ලෙස කතා කරන්නේ නැත, සුරතාන්තය ලිංගිකත්වයේ කොටසක් .. කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති අයිතිවාසිකමක්." ඇය කියා සිටියාය.
0 Comments