
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා චීන ඉංජිනේරුවන් බඳවාගන්නා බවට පැතිරෙන්නේ සාවද්‍ය පුවතක් බව දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා චීන ඉංජිනේරුවන්ගේ සේවාව ලබාගැනීමට සූදානම් බවට සති අන්ත අරුණ පුවත්පතේ සහ සමාජ මාධ්‍ය ජාලා වල සංසරනය වන ලිපිය අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශයක් යයි එහි දැක්වේ.
දැනට විදුලිබල මණ්ඩලයේ පවතින පුරප්පාඩුව සඳහා දේශීය ඉංජිනේරුවන් බඳවාගැනීම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පවත්වා එම පිරිසෙන් සුදුසු ඉංජිනේරුවන් බඳවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින අතර සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වූ 400 ට වැඩි පිරිසක් අතරින් 19 දෙනෙකු තෝරාගෙන බඳවාගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ඔවුන් කියා තිබේ.
ඒ අනුව ලක්විජය බලාගාරය සඳහා චීන ඉංජිනේරුවන් බඳවා ගන්නා බවට පලවන පුවත අසත්‍ය වන අතර පුරප්පාඩු සඳහා දේශීය ඉංජිනේරුවන්ගේ සේවය ලබාගැනීමට කටයුතු කරන බවත් දන්වා ඇත. එමෙන්ම විදේශීය ඉංජිනේරුවන් බඳවා ගැනීම සඳහා අමාත්‍යංශය හෝ විදුලිබල මණ්ඩලය කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් හෝ අනුමැතියක් ලබාගෙන නොමැති බවද දන්වා ඇත.
අදාළ නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval