Controversy-caused-by-an-official-of-the-Iranian-president-assaulting-a-journalist-in-New-York

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ නිලධාරියෙකු විසින් බදාදා සවස නිව්යෝර්ක් නගරයේ දී මාධ්‍යවේදියෙකුට පහර දුන් බවට ප්‍රවෘත්ති නාලිකාවක් චෝදනා කරයි.
ඉරාන ජාත්‍යන්තර වාර්තාකරුවකු වන  Kian Amani , Millennium හී Hilton New York One UN Plaza හෝටලයෙන් පිටත රයිසි සහා ඔහුගේ පිරිස රූගත කරමින් සිටි අතර තුර මෙය සිදු වී ඇති බවට ප්‍රවෘත්ති නාලිකාව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.





"ඉරාන ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින් ඊබ්‍රහිම් රයිසි නිව් යෝර්ක් හි රැඳී සිටීම ආවරණය කරමින් සිටි ඉරාන ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට පහර දී, හිරිහැර කර ඇති බවට" ඉරාන් ජාත්‍යන්තරය“ චෝදනා කළේය.

නිලධාරියා අමානිට ළංව, “ඔබ මෙය [වීඩියෝව] ගන්නේ කුමක් සඳහාද?” යැයි අසයි.

එවිට අමානි “මාව අල්ලන්න එපා” ,“මම මාධ්‍යවේදියෙක්” යැයි පවසන අතර නිලධාරියා ඔහුගේ අවසර පත්‍රය නැවත නැවතත් ඉල්ලා සිටී.

නිලධාරියා අමානි සමඟ රණ්ඩු වීමට පටන් ගන්නා බව පෙනේ.  නිලධාරියා අමානිගේ දුරකථනය අල්ලා ගැනීමට උත්සාහ කරන අතර කාන්තාවක් සහ පිරිමින් දෙදෙනෙකු ඊට මැදිහත් වීමට උත්සාහ කරයි.

"ඔහුව අල්ලන්න එපා" යනුවෙන් එම කාන්තාව පවසන අතර ඉරාන ජාත්‍යන්තරයේ ආරක්ෂකයින් යැයි පවසන පිරිමින් දෙදනා,

නිලධාරියාව අමානිගෙන් ඈත් කර බාධකය පිටුපසට තල්ලු කළහ.

අදහස් විමසීම සඳහා CNN ඉරාන විදේශ අමාත්‍යාංශය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර අැති නමුත් එය තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.

ඉරානය සඳහා වූ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය විශේෂ නියෝජිත ඒබ්‍රම් පේලි, බදාදා පස්වරුවේ X හි ප්‍රකාශයක් නිකුත් කරමින්, “එවැනි හැසිරීම පිළිගත නොහැකි බවත්, එක්සත් ජනපද භූමියේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ හිරිහැර කිරීම් සහ බිය ගැන්වීම් අපි හෙළා දකිමු,"   යැයි පවසා තිබේ..