ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් සහ රුපියල් 25,300ක මුදලක් ලබාගෙන මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයකුව නිදහස් කළ පොලිස් නිලධාරීහු දෙදෙනෙක් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පෙරේදා (05) අත්අඩංගුවට ගනු ලැබූහ.
කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයකු සහ කොළඹ කොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණ.
මෙම පොලිස් කොස්තාපල්වරු දෙදෙනා ත්‍රිරෝද රථයකින් පසුගිය ජූලි 23 වැනිදා රාජගිරිය ප්‍රදේශයට ගොස් සුපිරි වෙළෙඳ සංකීර්ණයක් අසලදී පුද්ගලයකුව පරික්ෂාවකට ලක්කර ඇති බව පොලිසිය කියයි.
රාජගිරිය, කොටුවේගොඩ, වෙදගේවත්ත පාරේ පදිංචිකරුවකු වන ඔහු සතුව තිබී එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02ක් ද හමුවී ඇත.
මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා එහිදි මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ක්‍රිරෝද රථයේ නංවාගෙන පාළු ස්ථානයකට රැගෙන ගොස් ඇති බවක් එහිදී ඔහු සතුව තිබුණු රුපියල් 25,300ක මුදලක් හා ඇපල් වර්ගයේ ජංගම දුරකනය ලබාගෙන ඔහුව නිදහස් කර යවා ඇති බවත් පොලිසිය කියයි.
මේ ගැන එම පුද්ගලයා විසින් වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් එම පැමිණිල්ලට අනුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් විමර්ශනයක් පවක්වා පොලිස් නිලධා- රින් දෙදෙනාව අත්අඩංගුවට ගත් බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම - බිමල් ජයසිංහ
0 Comments