Sunday 8.00 am update
මොරොක්කෝවේ බලගතු භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2,000 කට වඩා වැඩි වී ඇති අතර
අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ 1,400 කට වැඩි පිරිසකට බරපතල තුවාල සිදුවී ඇති බවයි. බරපතල තුවාල සිදුව ඇත්තේ මරකේෂ් නගරයට දකුණින් පිහිටි පළාත්වල බවයි.
හයවන මොහොමඩ් රජු දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ අතර දිවි ගලවා ගත් අයට නවාතැන්, ආහාර සහ වෙනත් උපකාර නියම කළේය.
Saturday 6.30 pm update
සිකුරාදා රාත්‍රියේ මොරොක්කෝවට බලපෑ දුර්ලභ, බලවත් භූමිකම්පාව නිසා මිනිසුන් 1,000 කට වැඩි පිරිසක් මිය ගිය බව නවතම වාර්තා ලැබී ඇතැයි ඒපී පුවත් සේවය වාර්තා කර තිබේ.
ඇට්ලස් කඳුකරයේ ගම්මානවල සිට ඓතිහාසික නගරයක් වන Marrakech දක්වා ගොඩනැගිලිවලට හානි සිදුව ඇති අතර පීඩාවට පත් වූ දුරස්ථ කඳුකර ගම්මාන වෙත ගල් පර්වත සහිත මාර්ග හරහා යාමට ගලවාගැනීම්කරුවන් වෙහෙසෙමින් සිටින බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යාහැකි බවත් දන්වා ඇත.
වසර 120 කට පසු මොරොක්කෝවට බලපෑ විශාලතම භූමිකම්පාව වූ අතර, එය භූමිකම්පාවලට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර නොමැති ගල් හා පෙදරේරු වලින් සාදන ලද පුරාණ නගරවල ගොඩනැගිලි සහ බිත්ති පෙරළී ගිය බව දන්වා ඇත.
Saturday 12.30 pm update
සිකුරාදා රාත්‍රියේ මොරොක්කෝවේ සිදුවූ රික්ටර් මාපක 6.8 ක ප්‍රබල භූමිකම්පාව නිසා මේවනවිට ගනං බලා ඇති පරිදි, 632 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර තවත් 329 දෙනෙකු තුවාල ලබා ඇත. 51 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රජයේ Al-Aoula වාර්තා කළේය.
සියවසකට වැඩි කාලයක් තුළ උතුරු අප්‍රිකානු මොරොක්කෝවේ එම ප්‍රදේශයට බලපෑ ප්රබලතම කම්පනය බවයි.සුන්බුන් අතර සිරවූවන් සොයා ගැනීමේ මෙහෙයුමක් දියත් වකර ඇති අතරවාරයේ බොහෝ දෙනෙක් පසු කම්පනවලට බියෙන් බොහෝ නගරවල වීදිවල රාත්‍රිය ගත කළහ. විපතට පත් වූවන්ට උපකාර කිරීම සඳහා රුධිරය පරිත්‍යාග කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් ද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Saturday 8 am update
උතුරු අප්‍රිකානු රටක් වන මොරොක්කෝවට සිකුරාදා රාත්‍රියේ බලපෑ රික්ටර් මාපක 6.8 ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 300 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර එම ස්ථානයේ වසර සියයක ඉතිහාසයේ ඇතිවූ ප්රබලතම කම්පනය බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය (USGS) පවසයි.
මොරොක්කෝවේ හයි ඇට්ලස් කඳුවැටියේ ප්‍රාදේශීය වේලාවෙන් රාත්‍රී 11 ට පමණ කිලෝමීටර් 18.5 (සැතපුම් 11.4) සාපේක්ෂ ගැඹුරකදී භූමිකම්පාව ඇති වූ අතර, නගරයක් වන මරකේෂ් සිට කිලෝමීටර් 72 ක් (සැතපුම් 44.7) නිරිත දෙසින් අපකේන්ද්‍රය පිහිටා ඇති බව යූඑස්ජීඑස් පවසයි.
මිනිසුන් 840,000 ක් වාසය කරන්නාවූ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මෙම ප්‍රදේශයේ බොහෝ නිවැසියන්ට වීදිවල රාත්‍රිය ගත කිරීමට සිදු වූ බවත් වාර්තා විය.
අවම වශයෙන් පුද්ගලයින් 296 දෙනෙකු මිය ගිය අතර තවත් 153 දෙනෙකු තුවාල ලබා ඇති බව මොරොක්කෝ රාජ්‍යයේ Al-Aoula රූපවාහිනිය සෙනසුරාදා වාර්තා කළේය.
රාජකීය මොරොක්කෝ සන්නද්ධ හමුදාව අනතුරු ඇඟවූයේ නිවැසියන් තවමත් පසු කම්පනවලට ගොදුරු විය හැකි බවයි.
Al-Aoula රූපවාහිනිය මගින් භූමිකම්පාව ආසන්නයේ ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති බව පෙන්නුම් කළ අතර රටේ ජාතික භූ භෞතික විද්‍යා ආයතනය පසු කම්පන පිළිබඳව අනතුරු ඇඟවීමෙන් පසු දහස් ගණනක් ජනයා තම නිවෙස්වලින් පලා ගොස් ඇති බව වාර්තා කළේය.
හයි ඇට්ලස් කඳුකරයේ සිට කිලෝමීටර් 350ක් පමණ උතුරින් පිහිටි රබාත් අගනුවරට ද සෙලවීමක් දැනුණු බව ඇසින් දුටු සාක්ෂිකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසයි.
0 Comments