The-hand-of-the-girl-who-was-admitted-to-the-Jaffna-Hospital-with-fever-was-amputated

යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ අට හැවිරිදි දැරියකගේ අතක් ශල්‍ය කර්මයක් මගින් කපා දැමීමේ සිදුවීමක් ආන්දෝලනයක් ඇති කර තිබේ. ඇය උණ රෝගය හේතුවෙන් රෝහලට ඇතුළත් කර තිබියදී
යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අත කපා ඇති අතර කපා දැමීමෙන් අනතුරුව පවසා ඇත්තේ
අතට කැනීයුලාවක් සවිකිරීමෙන් පසුව ක්‍රමයෙන් ඇගේ අත අකර්මන්‍ය වන්නට පටන් ගෙන ඇති බවත් අනතුරුව හෙදියක ඒ බව වෛද්‍යවරුන්ට දන්වා සිටීමෙන් පසු අත කපාදැමීමට තීරණය කළ බවයි. ඒ අනුව ඒ සඳහා ශල්‍යාගාරයට රැගෙන ගොස් ඉතා ඉක්මණින් අත කපාදැමීම සිදු කර ඇත.
මේ ආකාරයට දැරියකගේ අත කපාදැමීමට පිළිගත හැකි ප්‍රමානවත් හේතු වෛද්‍යවරුන් දන්වා නැතිවීම දැරියගේ දෙමාපියන්ට ගැටලු ඇතිකර තිබේ.



උණ රෝගයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අට හැවිරිදි දැරියට එන්නත් කිරීමේ දෝෂයක් හේතුවෙන් ඇයගේ වම් අත කපා දැමීමට සිදුව ඇතැයි මේ ගැන දැරියගේ මව පවසා තිබේ.
දැරිය උණ රෝගයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු ප්‍රතිශක්තිය
සඳහා ඖෂධ එන්නත් කර ඇති බව නේවාසිකාගාරයේ රාජකාරියේ යෙදී සිටි හෙද නිලධාරීනිය දන්වා ඇති අතර එන්නත් කළ දිනට පසු දින රාත්‍රියේ ඒ ගැන විමසූ විට එම එන්නත ලබාදුන්නොත් අසනීප වන බවට නේවාසිකාගාරයේ හෙද නිලධාරීන් පිළිතුරු දුන් බවට මවුපියන් චෝදනා කර තිබේ.



මෙහිදී වෛද්‍යවරුන් පැවසුවේ දැරියගේ අතේ ස්නායුවලට බලපෑම් එල්ල වී ඇති බැවින් එය ඉවත් කිරීමට
සිදු වූ නමුත් ශල්‍යකර්මයක් මගින් දැරියගේ අත මැණික් කටුව සමඟ ඉවත් කළ බවයි.

අදාළ දිනයේ දැරිය ඇතුළත් කළ නේවාසිකාගාරයේ ස්ථාන භාර වෛද්‍යවරයා රාජකාරියේ සිටියේ දැයි
සැකයක් මතුවීමත් සමඟ නේවාසිකාගාරයේ සිටි හෙද නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් දැරියගේ අත
ඉවත් කර ඇති බවට දැඩි චෝදනා එල්ල වේ.

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ   පී. සත්‍යමූර්ති මේ ගැන පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කරනැති අතර
කැනියුලාවේ යම් දෝෂයක් නිසා මේ තත්ත්වය උද්ගත වූයේද එසේත් නොමැති නම් වෙනත් හේතුවක් ඊට බලපෑවේද යන්න පිළිබදව සොයා බැලීම පිණිස වෛද්‍යවරු දෙදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කොට ඇති බව පමණක් දන්වා ඇත.
පසුගිය 4 දා අත කපා ඉවත් කරන්නට පෙර දැරියට දින හතරක පමණ කාලයක් උණ රෝගය තිබී ඇති අතර පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් රෝගයට ප්‍රතිකාර ලබා ගත් නමුත් සුව නොවීම නිසා යාපනය ශීක්ෂණ රෝහලට රැගෙන විත් තිබූ බව ඇගේ දෙමාපියන් පවසා ඇත. නමුත් මෙවැනි ප්‍රතිකාරයක් ඔවුන් අපේක්ෂා කර නැත.
 මෙසේ අතක් අහිමි වී ඇත්තේ යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේ පදිංචි යාපනය හින්දු විද්‍යාලයේ තුන් වන වසරේ ඉගෙනුම ලබන අට හැවිරිදි දැරියකගේය.