සිව් දෙනෙකුට මරු කැඳවමින් ඇමරිකාවේ සියැටල්හි නිවසක ඇතිවූ පවුල් ආරවුලක් අතරතුර 11 හැවිරිදි දැරියක දිවි බේරාගැනීමේ සිද්දියක් වාර්තාවේ. දැරිය ඇගේ මව, සහෝදරයා සහ ඇගේ ළදරු සොහොයුරිය මරා දමමින් නිවසේ ඇති වූ ගින්නකින් දිවි ගලවා ගෙන තිබේ. ගින්න ඇගේ පියා විසින් අවුළුවා තිබූ අතර පසුව ඔහුද සියදිවි නසාගෙන ඇත.
ලුලු නමින් හැදින්වෙන මෙම දැරිය, සැප්තැම්බර් 2 වන දින සියැටල්හි ගිනිගන්නා අවස්ථාවේ තම නිවසේ ජනේලයකින් පැන යාමට සමත් වූ අතර උදව් ලබා ගැනීම සදහා අසල්වැසියන් වෙත දිව ගියාය. ෙ
මෙම සිද්දිය ගැන පසුව අසල්වාසීන් ගිනිනිවන හමුදාවට පවසා තිබුණි.
ගිනි නිවන භටයින් විසින් ගින්න නිවා දැමීමෙන් පසු පුද්ගලයින් සිව් දෙනෙකුගේ සහ බල්ලෙකුගේ සිරුරු නිවස තුළදී සොයා ගන්නා ලදී.
40 හැවිරිදි Lana A. Stewart නම් ලුලූගේ මව මිය ගොස් ඇත්තේ ශරීරයට ඇතිවූ පිළිස්සුම් තුවාල කිහිපයකින් බව King County Medical Examiner's Office විසින් තීරණය කරන ලදී. 7 හැවිරිදි සෙබස්තිනෝ රගුසා සහ මාස හතරක් වයසැති වැලන්ටිනා රගුසා යන ලුලූගේ සහෝදරයන් මිය ගොස් තිබුණේ ගින්න නිසා ඇති වූ විෂ සහිත දුම ආශ්වාස කිරීමෙන් හට ගත් හුස්ම ගැනීමේ අපහසුව නිසා බව හදුනා ගන්නා ලදී.
48 හැවිරිදි සැල්වටෝර් රගුසා නම් ඇයගේ පියා සිය දිවි නසාගෙන තිබේ. ලුලු සුළු තුවාල සඳහා ප්‍රතිකාර ලබමින් සිටී.
සියැටල් පොලිසිය විසින් රගුසා සහ වින්දිතයන් අතර ඇති සම්බන්ධය හෙළි නොකළද, අසල්වැසියන් පවසා සිටියේ Lana A. Stewart සහ රගුසා ඔවුන්ගේ දරුවන් සමඟ නිවසේ ජීවත් වූ යුවළක් බවයි.
අධිකරණ වාර්තා පෙන්වා දෙන්නේ රගුසා පසුගිය වසරේ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ඇති අයෙකු බවයි.
සියැටල්හි ක්වීන් ඈන් අසල්වැසි ප්‍රදේශයේ වූ Stewart ගේ මහල් නිවාසයේ තවත් ගින්නක් අතැකිරීම සම්බන්ධයෙන් 2019 අත්අඩංගුවට ගත්අයෙකි. නොසැලකිලිමත් ලෙස පිළිස්සීම සහ ද්වේෂසහගත අකටයුතුකම් සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් පසුව රගුසා මෙම මානසික සෞඛ්‍ය වැඩසටහනට සම්බන්ධ විය.
කිං කවුන්ටි දිස්ත්‍රික් උසාවි වාර්තා පෙන්නුම් කරන්නේ රගුසා භින්නෝන්මාදයෙන් පෙළෙන බවත්, චිකිත්සාව, මනෝචිකිත්සක ප්‍රතිකාර සහ උපදේශන ඇතුළත් Valley City Behavioral Health සමඟ ස්වේච්ඡා මානසික සෞඛ්‍ය අධිකරණ වැඩසටහනකට ඇතුළත් වූ බවත්ය. අධිකරණ වාර්ථාවන්ට අනුව රගුසා සහා Stewart විවාහක යුවළක් වන අතර, 2019 ඇති වූ සිදු වීමත් සමග රගුසාට Stewart හා සම්බන්ධ වීම තහනම් කරමින් උසාවි නියෝගයක් ලබා දෙන ලදී. නමුත් Stewart , රගුසා සමග ජීවත් වීමට කැමැත්ත පළ කල නිසා 2021 දී එම උසාවි නියෝගය ඉවත් කරන ලදී.
ඔහු 2022 පෙබරවාරි මාසයේදී දෙවසරක මානසික සෞඛ්‍ය වැඩසටහන සම්පූර්ණ කළ අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර ලබා ගත්තේ දැයි තවමත් නිශ්චිතව හදුනාගෙන නැත.
(ඩේලි මේල් ඇසුරිනි)
0 Comments