අන්තර්ජාල ඒකාධිකාරයක් සඳහා අනිසි කටුයුතු සිදුකරමින් අනෙක් සමාගම්වලට අසාධාරණයක් කරන බවට ඇමරිකානු දැවැන්ත තාක්ෂණ සමාගමක් වන Google චෝදනා ලබා තිබේ.
ලොව විශාලතම සෙවුම් යන්ත්‍රය Google නීතියට පටහැණි භාවිතයන් සිදුකර ඇති බවට චෝදනා ලබා ඇති මුත් ඔවුන් එය ප්‍රතික්සේප කර තිබේ.
නඩු පවරන්නන් පැවසුවේ නඩුව "අන්තර්ජාලයේ අනාගතය" හා සම්බන්ධ වන බවය.
මෙම නඩුව තාක්ෂණ දැවැන්තයින් කෙරෙහි එක්සත් ජනපද නියාමකයින්ගේ බලය පිළිබඳ ප්‍රධාන පරීක්ෂණයක් ලෙසද හඳන්වා තිබේ.
නඩු විභාගය සති 10ක් පමණ පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත් , නඩුව සදහා ගූගල් ප්‍රධානියා වන සුන්දර් පිචායි ගේ සහ ඇපල් සමාගමේ විධායකයින්ගේ සාක්ෂි ද ඇතුළත් වනු ඇතැයි බීබීසිය වාර්තා කර තිබේ.
හිටපු ජනාධිපති බරක් ඔබාමා විසින් DC දිස්ත්‍රික් උසාවියේ තනතුරට පත් කරන ලද විනිසුරු අමිත් මෙහ්තා මෙම නඩුව විනිහ්චය කරන ප්‍රධාන විනිසුරුය.
සබැඳි සෙවුම් යන්ත්‍රයක් ලෙස ස්ථාපනය කිරීම සඳහා Google විසින් Apple, Samsung, Mozilla සහ වෙනත් සමාගම් වෙත බිලියන ගණනක් මුදල් ගෙවීම් කර ඇතැයිද ඒ තුලින් ඒකාධිකාරයක් ගොඩනගාගන්නට ගූගල් උත්සාහ කර ඇතැයි සාක්ෂි ලෙස ඉදිරිපත්ව තිබේ. නඩු පවරන්නන් පැවසුවේ ගූගල් සාමාන්‍යයෙන් එම වරප්‍රසාදය සඳහා වසරකට ඩොලර් බිලියන 10 කට වඩා වැඩි මුදලක් ගෙවා ඇති බවයි.
මෙම නඩු විභාගය Google වෙත මුහුණ දීමට ඇති නවතම නියාමන අභියෝගයක් වෙයි. සමාගම එහි වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් ෆෙඩරල් නඩුවකට ද මුහුණ දී සිටියි.
රජය ජයග්‍රහණය කළහොත් "ව්‍යුහාත්මක සහන" ඉල්ලා සිටිමට ගූගල්ට සිදුවනු ඇත. එයින් අදහස් වන්නේ සමාගම බිඳ වැටී යාමක් ලෙසද තාක්ෂණ වෙබ් අඩවි අනතුරු අගවා තිබේ.
0 Comments