01-dead-and-6-injured-in-Embilipitiya-drunken-drivers-motor-hit-by-five-vehicles

බීමත් පුද්ගලයෙක් පැදවූ මෝටර් රථයක් වාහන 5ක ගැටීමෙන් මාරක රිය අනතුරක් සිදුවී තිබෙයි.
අද (03)  ඇඹිලිපිටිය ගල්වංගුව ප්‍රදේශයේ දී සිදුවී ඇති එම අනතුරින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා තිබුණි.

පොලීසිය පැවසුවේ එම මෝටර් රථය, ත්‍රිරෝද රථ 3ක, යතුරුපැදියක සහ තවත් මෝටර් රථයක ගැටී ඇති බවයි.
පොලිස් නිවේදනයේ මෙසේ දැක්වේ
 අද 03 දින සවස් කාලයේ ඇඹිලිපිටිය පොලිස් වසමේ ඇඹිලිපිටිය නගරය ආසන්නයේ ගල්වංගුවේදී රත්නපුරය දෙස සිට ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක, ත්‍රිරෝද රථයක හා පදික වේදිකාවේ ගමන් කල කාන්තාවකගේ ශරීරයේ ගැටී ඉදිරියට ගොස් විරුද්ධ දිශාවේ මාර්ගය අයිනේ වෙළඳසැලක් අසල නවතා තිබූ මෝටර් රථයක හා ත්‍රීරෝද රථ දෙකකද ගැටී අනතුරක් සිදුව ඇත.



අනතුරින් සහෝදරයන් වන යතුරුපැදිකරු හා පසුපැදිකරුද, ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කල පුතා සහ පියා හා පදික කාන්තාව බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පියා මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 73 ක් වූ කොළඹගේ ආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 30ක්වූ තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචි පුද්ගලික ආයතනයක කළමණාකරුවෙකි. සැකකරු සමග මෝටර් රථයේ තවත් දෙදෙනෙකු ගමන් කර ඇති බවත් සැකකරු සාදයකට සහභාගි වී මත්පැන් පානය කොට ඔහු ගමන් කල මෝටර් රථය පැදවීම නිසා මෙම අනතුර සිදුව ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.