Pregnancy-tests-before-hiring-private-school-teachers-in-Jordan-criticized

අරාබි රටක් වන ජෝර්දානයේ පෞද්ගලික පාසල්වලට ගුරුවරියන් පත් කිරීමට පෙර ගර්භණී පරීක්ෂණයකට ලක් කරන ලෙස බල කරන අතර ඔවුන් පත්වීම් කරන අවස්ථාවේදී 'ගැබ්ගැනීම් නොමැති බවට සහතිකය' ද ඉදිරිපත් කළ යුතුය. මෙපමණක් නොව පාසල්වල ගිම්හාන නිවාඩුව ආරම්භ වූ සැණින් පෞද්ගලික පාසල් ගුරුවරුන්ට ඉල්ලා අස්වීමට බල කරන්නේ නිකරුනේ වැටුප් ගෙවීමෙන් මගහැරීමටය.



‘ජෝර්ඩන් ටයිම්ස්’ වාර්තාවක් මගින් මේ තොරතුරු හෙලිකිරීමෙන් පසු ජෝර්දානයේ පෞද්ගලික පාසල් අධීක්ෂණය කරන රජයේ ආයතනය මේ ගැන පියවර ගෙන ඇතැයි එරට මාධය වාර්තාකර තිබේ.
කම්කරු අමාත්‍යාංශය එවැනි සිද්ධීන් විමර්ශනය කරෙ අදාළ අධ්‍යාපන ආයතනවලට එරෙහිව පියවර ගැනීමටද සූදානම් වෙමින් සිටී.
පෞද්ගලික පාසල් ගුරු කමිටුවේ සභාපති Loy Al Ramahi පවසන පරිදි, පෞද්ගලික පාසල් අධ්‍යාපනය පිළිබඳ සමීක්ෂණයක් පසුගියදා පැවැත්වි ඇති අතර අපිට පැමිණිලි 65,000ක් ලැබී තිබෙන බව සඳහන් විය. බොහෝ පැමිණිලි ඉතා බරපතල බව කියැවිණි.
රමාහි පැවසුවේ ‘පෞද්ගලික පාසල්වල අවම වැටුපටවත් වැටුප් දෙන්නේ නැහැ. ගුරුවරියන් පත්වීමට පෙර ගර්භණී සහතිකයක් ඉදිරිපත් කිරීම ඔවුන්ගේම නීතියක්. මෙම පාසල් බොහෝ ගුරුවරුන්ට ගිම්හාන නිවාඩු කාලය තුළ ඉල්ලා අස්වීමට බල කරනවා, එබැවින් ඔවුන්ට රැකියාවක් නොමැතිව වැටුප් ගෙවීමට සිදු නොවේ. මෙවර විමර්ශනය කළ විට බොහෝ පැමිණිලි සත්‍ය බව පෙනී ගියේය. සමහර ගුරුවරු වෙනත් ලිපිකාර වැඩත් කරවනවා.‘ වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබේ.



    මෙම පැමිණිල්ල 2020 දී ආරම්භ විය. එකල අම්මාන් අගනුවර පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික පාසලක් එමාන් නම් කාන්තාවකට රැකියාවක් ලබා දීමට පෙර ගර්භණී පරීක්ෂණයකට භාජනය කරන ලෙස ඉල්ලා තිබේ. ගැබිණි අවධියේදී ඇයට රැකියාවක් ලබාදිය නොහැකි බව පවසමින් එමාන්ට රැකියාවක් ලබාදීම පාසල ප්‍රතික්ෂේප කර තිබුණි.