bus-love-story

සෙනඟ පිරුණ බස් රථයක තරුණ යුවළකගේ අනග රැගුම් දැක උද්දාමයට පත් වූ බස් කොන්දොස්තරවරයෙකු මුහුණ දුන් අපූරු පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ගයකින් වාර්තා වේ. සිද්ධිය මෙසේය.
මෙදින බස් රථය මගීන්ගෙන් පිරි තිබුණි. පසුපස අසුනේ වාඩි වී සිටි තරුණ යුවළ අසභ්‍ය ආකාරයට හැසිරෙමින් ආදර බස් දොඩමින් මහත් පෙමින් වෙලී අනග රැගුම්වල යෙදෙමින් සිට ඇති අතර කොන්දොස්තරවරයා ද මෙය දැකුමෙන් මහත් උද්දාමයට පත්ව සිටියේය.


කොන්දොස්තරවරයා ඇසිපිය නොහෙලා ඒ දෙස  බලාගෙනම සිටියේ මහත් උනන්දුවෙන් සහ දැඩි කැමැත්තෙනි. ඔහුට තමා සිටින තැනද. තමා කරන කටයුත්තද අමතකව යන්නට වැඩි වෙලාවක් ගත වූයේ ද නැත. කොන්දොස්තරවරයා වෙනම ලෝකයකය. මගීහු අතරමගදී නැගීම ද බැසීම ද සිදු කළහ. ඔවුන්ගෙන් මුදල් අයකර ගැනීමක් ද සිදුනොවීම මගීන්ට ද සතුටකි.
ඇතැම් මගීහු කොන්දොස්තර දෙසට මුදල් දිගු කරති. එහෙත් ඔහුට ඒ ගැන නිනව්වක් නැත. ඔහුගේ නිහඬතාව තේරුම් ගත් මගීන් සිනා සෙමින් බැස ගියේ මුදල් ද සාක්කුවේ දමා ගනිමිනි. කිලෝ මීටර් 15 ක් පමණ ගිය තරුණ යුවළ කඩි මුඩියේම බසයේ සීනුව නාදකර ලැගුම්හලක් අසළින් බැස ගත්හ. ඒ සැනින් පියවි ලොවට පිවිසි බස් කොන්දොස්තරට තම රාජකාරිය සිහියට නැගුණි.



'' මගින් නැගපු අය සල්ලි ගත්හ. සල්ලි ගන්න”
කොන්දොස්තර කැ ගසන්නට වුයේය. නින්දෙන් අවදි වුවකු සේ කීපවරක් කැ ගසන කොන්දොස්තර අමතා අසල සිටි මගියෙකු මෙසේ කීවේය.
නැගපු අය බැහැලා ගියානෙ මල්ලි. දැන් ඉතින් මොනවා කරන්නද දැන් ඉඳන් නගින අය ගෙන්වත් සල්ලි ගන්න. නැත්තම් රස්සාවත් නැතිවෙයි."

ලැජ්ජාවෙන් මුහුණ රතු කරගත් කොන්දොස්තර සිදු වු දෙයින් අන්ද මන්දව බිම බලා ගත්තේ බසයේ සිටි සෙසු මගීන්ගේ ද මුවගට සිතා නංවමිනි.