
මොණරාගල බුත්තල ප්‍ර දේශය ආශ්‍රිතව ඊයේ (25) රාත්‍රී 11.20 ට පමණ භූකම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 2.4ක් වන අතර එය එතරම් සැලකියයුතු හානියක් ඇති කරවන්නක් නොවේ.
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය පෙබරවාරි මාසයේත් ඊට පෙර අවස්ථාකිහිපයකත් මෙවැනි සුළු භූකම්පන තත්ත්වයන් සිදුව ඇති බවට පැරණි වාර්තා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval