ඇමරිකාවේ දකුණු කැලිෆෝනියාවේ Redlands High School හි ගුරුවරියක සිසුන් තිදෙනෙකු පොළඹවාගෙන ඔවුන් හා ලිංගිකව හැසිරීමේ චෝදනාවකට ලක්ව සිටින අතර ඇයට අධිකරණය මගින්
ඩොලර් මිලියන 8.25 ක දඩයක් ගෙවන ලෙස නියම කර තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.ඇය 2013 හා 2016 දී අවස්ථා දෙකකදී මෙම වරද නැවත නැවත කර ඇත. 2013 දී අත්අඩංගුවට ගත් ලෝරා වයිට්හර්ස්ට්ගේ වින්දිතයින් වෙනුවෙන් රෙඩ්ලන්ඩ්ස් යුනිෆයිඩ් පාසල් දිස්ත්‍රික්කය විසින් මෙම නඩුව ගොනු කළේය.


ලිංගික අපයෝජනය කළ බවට චෝදනා ලැබූ සිසුන් දෙදෙනෙකු පැමිනිල්ල වෙනුවෙන්කථා කළ අතර ඔවුන්ගෙන් එක් අයෙකු  සමග හැසිරීම නිසා ගැබ්ගත් ගුරුවරිය ආන්දෝලනයක් ඇති කළාය.

2016 අගෝස්තු මාසයේදී, ඇය ගුරුවරියව සිටියදී  හිටපු ශිෂ්‍යයෙකුට ඩොලර් මිලියන 6ක් ගෙවීමට අධිකරණයේදී එකඟ විය.

පැමිණිලිකරුගේ නීතීඥ මෝගන් ස්ටුවර්ට් පවසන පරිදි, 2007 සහ 2008 දී ලෝරා විසින් Redlands High School හි ගොදුරු කර ලිංගික අතවර කළ බවට චෝදනා කළ තවත් හිටපු ශිෂ්‍යයෙකු විසින් 2021 දී නඩුවක් ගොනු කරන ලදී. වයිට්හර්ස්ට් 2013 දී පොලිසියට පිළිගත්තේ ඇය තම පන්ති කාමරයේදී සහ ඇගේ මහල් නිවාසයේදී තරුණයා සමඟ 10 -15 වතාවක් ලිංගිකව හැසිරුණු බවයි.



අනෙක් නඩුවේදී, වයිට්හර්ස්ට්ගේ දරුවාගේ පියා බව කියන පිරිමි ළමයා චෝදනා කළේ රෙඩ්ලන්ඩ්ස් යුනිෆයිඩ් නිලධාරීන් ගුරුවරයා සමඟ ඔහුගේ සම්බන්ධතාවය දැන සිටි බවත් අවවාද දීමට හෝ පවුලට අනතුරු ඇඟවීමට අපොහොසත් වූ බවත්ය.
පිරිමි ළමයා සමඟ අවුරුදු 16 සිට ලිංගිකව හැසිරීමෙන් පසුව ඔහු පියෙකු කිරීමට ගුරුවරිය සමත් වූවාය.
මෙකී පාසලහෙි ඉංග්‍රීසි බස ඉගැන්වූ සහ පාපන්දු පුහුණුකරු වූ ලෝරා වයිට්හර්ස්ට්, සිසුන් තිදෙනෙකු සමඟ නීති විරෝධී ලිංගික ක්‍රියා සම්බන්ධයෙන් වරද පිළිගත්තාය. ඩොලර් මිලියන 8 ක් දඩයට අමතරව ඇය මාස හයක් සිරගත කර ඇති අතර ලිංගික අපරාධකරුවෙකු ලෙස ලියාපදිංචි විය.