canabies-gov-approval


ඖෂධීය කංසා වගාව සඳහා නව පනත තුළින් අවසරය හිමිවූ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07) සංවිධාන කර තිබූණු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.



“ආයුර්වේද පනතේ මෙතෙක් කල් පැවැතියේ ආයුර්වේද ඔසු නිෂ්පාදනය සම්බන්ධයෙන් පමණයි. ද

ැන් ඔසු වගා කිරීම සඳහා වූ අවශ්‍ය බලය ලබාදෙනවා. වාණිජමය වගාවන් වශයෙන් තමයි ඔසු උයන් සහ ඔසු වගාවන් සිදුවෙන්න ඕනේ. ඒවට අවශ්‍ය පරිසරය, නෛතික සීමාවන් අපි ලබාදීලා තිබෙනවා.”

“ඉදිරි සති කිහිපය තුළ ලියාපදිංචි ලේඛනයට අලුතින් තවත් ක්ෂේත්‍ර කිහිපයක් ඇතුළත් වෙනවා. එලෙස ලියාපදිංචිය ලබාදෙන අලුත් ක්ෂේත්‍රය වන සම්බාහන ශිල්පීන් කියන වෘත්තිකයින් සමග ස්පා පටලව ගන්න එපා.”

ලෙස රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.