chandrayan-3-nosignal

ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය වන ඉස්රෝ පවසන්නේ පසුගියදා සඳමත ගොඩබැස්වූ ලෑන්ඩර් සහ රෝවර් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන නමුත් මෙතෙක් කිසිදු සංඥාවක් ලැබී නොමැති බවයි.
නව චන්ද්‍ර දිනයක් ආරම්භ වන බැවින් ඔවුන් ටිකදිනක් බලා සිට මෙම උත්සාහය සිදු කර තිබුණි.
ලෑන්ඩරය, රෝවර් , අගෝස්තු මාසයේදී චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය අසලට ළගා වී තිබූ අතර
ඔවුන් දත්ත සහ රූප එක්රැස් කිරීමට සති දෙකක් ගත කර තිබුණි. පසුව චන්ද්‍ර රාත්‍රියේදී ඔවුන්ව 'නිද්‍රා තත්වයට පත් කරන ලදී .
සැප්තැම්බර් 22 වන දිනය පමණ  වන විට සූර්යයාගේ නැගීමත් සමග බැටරි නැවත ආරෝපණය කර මොඩියුල නැවත පිබිදෙනු ඇතැයි ඉස්රෝ බලාපොරොත්තු විය.



නමුත් චන්ද්‍ර රාත්‍රියේ අධික ශීතල නිසා බැටරි වලට හානි වී ඇති බව විශ්වාසයයි. ඊයේ
සිකුරාදා, ඉස්රෝ X (කලින් ට්විටර්) හි පළ කළේ "වික්‍රම් ලෑන්ඩර් සහ ප්‍රග්‍යාන් රෝවර් සමඟ සන්නිවේදනය ඇති කර ගැනීමේ උත්සාහයන් දිගටම පවතිනු ඇති" බවයි.

ඉන්දියාව සිය චන්ද්‍රයාන්-3 මෙහෙයුමෙන් ඉතිහාසගත වූයේ චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්වූ පළමු රට බවට පත් වෙමිනි.

එය එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත මෘදු ගොඩබෑමක් සිදු කිරීමට හැකි වූ රට බවට පත් විය.

චන්ද්‍ර දිනයක් ආරම්භ වීමට සමගාමීව ගොඩබෑම ප්‍රවේශමෙන් සැලසුම් කරන ලදී. එවිට වික්‍රම් සහ ප්‍රග්‍යාන්ට වැඩ කිරීමට සති දෙකක හිරු එළිය ලැබේ. සඳ මත එක් දිනක් පෘථිවියේ සති හතරකට සමාන වන අතර දිවා රාත්‍රිය බැගින් දින 14ක් පමණ පවතී.



අභ්‍යවකාශ ඒජන්සිය විසින් ඔවුන්ගේ චලනයන් සහ සොයාගැනීම් පිළිබඳ නිරන්තර යාවත්කාලීන කිරීම් සහ ඔවුන් විසින් ගන්නා ලද ඡායාරූප වාර්තා කර ඇත.

ඉස්රෝ පැවසුවේ ඔවුන් නිද්‍රා තත්වයට පත් වන විටත්, දෙදෙනාම ඔවුන්ගේ සියලු පැවරුම් සම්පූර්ණ කර ඇති බවයි. නමුත් ඊළඟ චන්ද්‍ර දින ආරම්භයේදී ඔවුන් නැවත අවදි වනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි බවද පවසා තිබුණි.

චීනයේ Chang'e4 ලෑන්ඩරය සහ Yutu2 රෝවරය උදාහරණ ලෙස ගෙනහැර දැක්වූ ඔහු, එය හිරු උදාවත් සමඟ කිහිප වතාවක්ම අවදි වූ බව සිහිපත් කෙල්ය.


නමුත් හිටපු ඉස්රෝ ප්‍රධානී ඒඑස් කිරන් කුමාර් බීබීසීයට පැවසුවේ චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ රාත්‍රී උෂ්ණත්වය සාමාන්‍යයෙන් -200C සිට -250C (-328F සිට -418F) දක්වා පහත වැටෙන අතර , බැටරි නැවත ක්‍රියාත්මක වීමට එය ගැටලුවක් විය හැකි බවයි.