dhanushka-gunathilake-new-girl-friend

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක උපත් පාලන කොපුවක් නොමැතිව ලිංගිකව හැසිරීමට තමන් රවටා ගත් බව කියන ඕස්ට්‍රෙලියානු කාන්තාව සම්බන්ධ නඩුව වෙනුවෙන් අධිකරණය හමුවේ සඳුදා පෙනී සිටියේය.


සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ නඩු විභාගයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා සඳුදා උදෑසන පැමිණියේ කාන්තාවක් සමඟ අත් අල්ලාගෙන බව (holding hands with a blonde woman) පවසන ඕස්ට්‍රෙලියානු මාධ්‍ය මෙම කාන්තාව මින් පෙර දැක නැති කෙනෙකු බවත් ඇය ධනුෂ්ක ගුණතිලකගේ වර්තමාන පෙම්වතිය බවත් හඳුන්වාදී තිබේ.පසුගිය නොවැම්බරයේ සිට මේ දක්වා මාස ගණනාවක් සිඩ්නි නුවර රැඳී සිටින ධනුෂ්ක මුලදී ඇප නොලබා සිටි අතර පසුව ඇප මත නිදහස්වී නේවාසිකව සිටියේ දැඩි කොන්දේසි මතයි.

ඔහුට අතවරය සිදුවූ කාන්තාවගේ වාස භූමිය ආසන්නයට යාමට මෙන්ම සමාජ මාධ්‍ය භාවිතයට තහනම් කර තිබුණි.
මින් ඉහත තම නීතීඥයින් පමණක් කැටුව උසාවිය දෙසට එන ධනුෂ්ක මෙවර තම පෙම්වතියගේ අතින් අල්ලාගෙන පැමිනි බවත් ඊට එහා විස්තර නොදන්නා බවත් news.com.au හා theaustralian.com.au ඇතුළු මාධ්‍ය වාර්තා කර තිබුනේ ඇගේ හා ඔහුගේ ඡායාරූප කිහිපයක්ද සමගිනි.