dhanushka-police-cry-australia

ගතවූ සතියේ ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර අධිකරණයකදී විභාග කර අවසන්වී ලබන සතියෙ තීන්දුවක් ලබාදීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ ස්ත්‍රී අතවරය සම්බන්ධ නඩු විභාගය අතරවාරයේදී ධනුෂ්ක සිදුකළ කතාවක් එරට මාධ්‍ය ප්‍රසිද්ධියට පත් කර තිබේ.
 ඕස්ට්‍රෙලියානු අධිකරණ ක්‍රමය අනුව ධනුෂ්ක විශේෂයෙන් කළ යුතු ප්‍රකාශ පොලිසියේ පටිගත කිරීමක් ඉදිරියේ කළ යුතුවූ අතර මෙම වීඩියෝවේ දැක්වෙන්නේ ‘තමා මේ කියන කාන්තාවට අහුවුනා.. ඇයගේ ගුප්ත විශ්වාස නිසා.. මං රැවටුණා‘ වැනි යමක් ධනුෂ්ක එරට පොලිසිය හමුවේ කියා සිටි ආකාරයයි.මේ ප්‍රශ්න කිරීම පොලිස් නිලධාරිනියක හා නිලධාරියෙකු ඉදිරියේ සිදුවේ. ධනුෂ්කගෙන් අසන ප්‍රශ්න තේරුම් ගැනීම පහසුවනු පිණිස ඔහු පරිගණකය ඔස්සේ සිංහල පරිවර්තිකාවකගේ සහය ලබාගෙන තිබූ අතර 
ධනුෂ්ක ඉංග්‍රීසි බසින් ලබාදුන් පිළිතුරු වලින් කොටසක් ප්‍රසිද්ධ කර තිබූ අතර එකී කොටසේ සිංහල අරුථ පහත පරිදිය.



“නිසැකවම ඇය මට අනාගතය සහ වේගවත් ජීවිතය දැකිය හැකි බව මා හමුවේ පැවසූ විට මං ඇය ගැන ගොඩක් උනන්දු වුණා.. බෞද්ධයෙකු ලෙස අපි සෑම මාස දෙකක තුනකට වරක් අපගේ කේන්දර පරීක්ෂා කරනවා. මගේ අම්මා ඒවා පරීක්ෂා කරනවා..ඇයගේ කතාව ආසා මම සිතුවේ එය රසවත් සංවාදයක් බවයි.

ඔබේ කේන්දරය, ඔව්. හරි, මොකක්ද එතකොට ඔයාට පුළුවන් ?

“ඒක ආශිර්වාදයක් වගේ. ඔබට පන්සලට ගොස් ඔබේ දේවල් දැනගත හැකිය, හරි, ඔව්, මූලික වශයෙන්. මම හිතන්නෙ විශ්වාස කරන මිනිස්සු එහෙම හිතන එක ගැන...ඉතින්. ඊට පස්සේ ඇය කිව්වා ඇයට මේ බලයක් තියෙනවා කියලා.
ඔයාට ගන්න බෑ වගේ කියල දෙයක් කිව්වා.. හැමෝටම ඒ බලය ලබාගන්න බෑ, මම දන්නවා ඔයාට බැහැ කියලා.කියලත් කිව්වා..ඔයාට එහෙම බලයක් නැහැ.

හරියට බුද්ධාගමට අනුව ජීවත්වන කොට ඒ බලය තියෙන්නේ ටික දෙනෙකුට විතරයි.
කිව්වා..
මේක අහපු මං  උනන්දුවක් දැක්වූවා ඇය සමග තවදුරටත් රැඳෙන්න.. ඒ අතර ඇය මට මතකයි... මං සමග සිනාසෙමින් සිටි අතර මම කිව්වා හරි, ඔබට පුළුවන් නම් මට කියන්න මම කවුද මගේ අතීත ජීවිතය කියලා.

ඔව්. ඒ වෙලාවෙ ඇය ඇගෙ දෑස් පියා ගත්තා. ඒ වගේම මම දන්නේ නැහැ, නමුත් ඇය මේ කතාව ඇත්තක් වගේ කිව්වා..  ඒ වගේම ඇය කිව්වා එයාට මාව හරි පුරුදු යි කියලා.  ඇය මාව සහ තායිලන්තයේ ඇගේ අසල්වැසියන් කියෙව්වා. අපි ඉපදුනේ තායිලන්තයේ සහ මම සහ ඇගේ අසල්වැසියන් බවත් කිව්වා.. ඊට පස්සේ මට ටිකක් බය හිතුණා. මම දන්නේ නැහැ ඇයි මට ඒ හැඟීම ආවේ කියලා....“