dilith-jayaweera-president-election-mawbima-janatha-pakshaya

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධානී දිලිත් ජයවීර මහතා මව්බිම ජනතා පක්ෂයේ නායකත්වයට පත්වෙමින් දේශපාලනයට පිවිස තිබේ.

මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියේ අලුතින් යාවත්කාලීන කරන ලද ලියාපදිංචි දේශපාලන පක්ෂ ලැයිස්තුවට අනුව ‘ගුවන් යානය‘ ලකුණින් මැතිවරණයට තරග කරන මව්බිම ජනතා පක්ෂයේ පක්ෂ නායකයා ලෙස දිලිත් ජයවීර නම් කර තිබේ.



ඉදිරි ජනාධිපතිවරණයට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව ඉරිදා ලංකාදීප පුවත්පත ඊයේ වාර්තා කර තිබුණි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන වශයෙන් කළු පැල්ලම් ලබා ඇති නිසා දේශපාලනය තුළ එතෙක් නම නොතිබුණ අකුරු 3 ක් ඇති පොදු අපේක්ෂකයෙකු රාජපක්ෂවරුන් නියෝජනය කරමින් ජනපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවටද බැසිල් ඔහු කැඳවා ඇති බවටද මින් ඉහත දේශපාලන ආරංචි පැතිර තිබුනි.

කොටස් වෙළෙඳපොළ ඔස්සේ සාර්ථකත්වයට පත් දිලිත් ජයවීර මහතා දෙරණ මාධ්‍ය ජාලය, ස්ටුවර්ට්ස් තේ, ස්ටුවර්ට්ස් හෙල්ත් (ඇන්ටිජන් ගෙන්වූ) ඇතුළු සාර්ථකත්වයට පත් ව්‍යාපාර රැසක හිමිකරුවෙකි.

රාජපක්ෂ පාලනය පිහිටුවීම වෙනුවෙන් සිය මාධ්‍ය ජාලයේ ශක්තිය භාවිත කළ බවට ඔහු ගැන කථාබහට ලක්වූ අතර ඔහු මේ දක්වා තිරය පිටුපස දේශපාලනය කළ නමුත් මේ ආකාරයට මතුවන්නේ පළමු වරටය.