doctor-cost-sri-lanka

වෛද්‍යවරයකු බිහිකිරීමට රජය රුපියල් හතළිස් ලක්ෂ අනු දෙදහස් නවසිය පහළොවක්ද (40,92,915), ඉංජිනේරුවරයකු බිහිකිරීමට රුපියල් විසි එක් ලක්ෂ පන් දහස් දෙසිය විස්සක්ද (21,05,220) වැය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) හෙළි කළේය.මේ අනුව වෛද්‍යවරයකු නිර්මාණය කිරිමට මාසයකට වැය කරන මුදල රුපියල් 68000 කට අධික බවත්,

මේ තත්වය සැලකිල්ලට ගෙන විදේශයන්ට යෑමට පෙර රට ගැන සිතන ලෙස වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් ඉල්ලීමක් කරන බවත්, සියඹලාපිටිය මහතා කීවේය.

රට හැර යෑමට පෙර වෛද්‍යවරුන් තමන්ට නිදහස් අධ්‍යාපනය දීමට මහජනතාව කළ කැප කිරීම සිහිපත් කළ යුතු බවද ඔහු  ප්‍රකාශ කළේය.වර්තමාන රජය සේම පැවති සෑම රජයක්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් පියවර ගෙන ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.සියඹලාපිටිය මහතා මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදීය.