drunk-father-story

තම  දියණිය බැලීමට පැමිණි මනමාල පාර්ශවයේ පිරිසට සංග්‍රහ කිරීමට ගෙනා මධුවිතින් හොදහැටි සප්පායම් වු පියකු මනාල පාර්ශවය ඉදිරියේ යකා නැටීමට ගොස් දියණියගේ මඟුල ලත් තැනම ලෝප්කර දැමූ පුවතක්  වාර්තා වේ. සිද්ධිය මෙසේය.

ඇය රජයේ උසස් රැකියාවක නිරතවන්නියකි. ඇයට මංගල යෝජනාවක් බලා නම්බුකාර පවුලක පිරිසක් මනාලයා ද සමග පසුගිය  දිනෙක ඇයගේ නිවසට ගොඩ වුයේ ඒ ගැන තීරණයක් ගැනීමටය. පැමිණි පිරිසට බතින් බුලතින් සමග මධුවිතින්ද සංග්‍රහ කරන්නට මනාලියගේ පාර්ශවයේ පිරිස කටයුතු කළේ එය පරම යුතුකමක් සේ සළකමිනි.


කාන්තා පාර්ශවයේ පිරිස අසළින්ම මනාලයා හා මනාලිය වෙන් වෙන්ව ආගිය තොරතුරු කතා කරද්දී පිරිමි පාර්ශවයේ සෙසු පිරිස ද කාමරයකට වී මධු විත තොලගාන්නට පටන්ගත්තේ මනාලියගේ පියාගේ බලවත් ඉල්ලීමට ඇනුම්කන් දෙමිනි. මතට දැඩි ලොල් බවක් දක්වු මනාලියගේ පියාද පිරිස හා එක්ව යහමින් මධුවිත ගන්නට වුයේ සෙසු පිරිස සමඟ ද තමාට ඒ පිළිබඳව ඇති පළපුරුද්ද පිළිබද පුරාජේරු කතාද ඇදබාමිනි.

කෙසේ වෙතත් බෝතල් එකින් එක හිස් වද්දී මනාලියගේ පියාගේ සසර පුරුදු එකින් එක මතුවන්නට පටන් ගත් අතර
‘මං දුව හැදුවෙ උඹල වගේ අයට දීග දෙන්න නෙමේ.. මං දැනගත්තා කතාව ලොකුවට තිබ්බට උඹල හිඟන්නො වග..‘


මොහොතක් ගතවෙද්දී එය මහා ගාලගෝට්ටියකට පෙරලුනේ පරුෂ වචන වරෂාවක්ද සමගිනි.සිද්ධියෙන් අන්ද මන්ද වු පිරිස දහවල් ආහාරයටත් ආයුබෝවන් කියා කල්තබාම එතනින් පිටව ගියේ මොන මඟුල්දැයි " කාටත් ඇහෙන්නට පවසමිනි. කදුළු පිරි දෙනෙතින් ඒ දෙස බලා සිටිනවා විනා ඇයටද කරන්නට  යාමක් නොවිණි.