dv-chanaka-casual-club-lalith-mendis

ගාල්ල ඩික්සන් පාරේදී ඊයේ (23) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර මියගොස් තිබුනේ ගාල්ල ප්‍රදේශයේ ‘කැෂුවල් ක්ලබ්‘ නමැති රෙදිපිළි අලෙවි කිරීමේ ආයතනයක හිමිකරු  61 හැවිරිදි ලලිත් වසන්ත මෙන්ඩිස්ය. ඔහු ගාල්ල වුඩ්වඩ් මාවතේ පදිංචිව සිටියේය.


ඔහු විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානකගේ  ඥාතීත්වයෙන් බිරියගේ පියා (මාමා) බවද කියැවේ.
පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.



ඊයේ රාත්‍රියේ ගාල්ල ඩික්සන් හන්දියේදී මෙම ඝාතනය සිදුව තිබූ අතර යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ටී 56 ගිනි අවියකින් මෙන්ඩිස් මහතා ගමන් කළ වාහනයට වෙඩි වරුසාවක් එල්ල කොට තිබිණ.
එහිදී වෙඩි 15ක් පමණ මෙන්ඩිස් මහතාගේ සිරුරට වැදී ඇති බව වාර්තා වේ.
මෙන්ඩිස් මහතා රියදුරු අසුන මතම මිය ගොස් තිබූ අතර කරාපිටිය රෝහලට ගෙනගිය පසු වෛද්‍යවරුන් මරණය සහතික කර තිබුණි. වෙඩි තැබීමෙන් පසු ඝාතකයන් පළා ගොස් ඇත.
මොවුන් සොයා පොලිස් මෙහෙයුම් අරඹා තිබේ.