electricity-bill-hike-ceb

විදුලි බිල වැඩි කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම සලකා බලන්නේ ද නැද්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) තවමත් තීරණය කර නොමැති බව දන්වා තිබේ.
2023 ජුලි මස සිදු කරන ලද ගාස්තු සංශෝධනයත් සමඟ උද්ගතව ඇති ආදායම් තත්ත්වය මදි බව කියමින්

එය සැලකිල්ලට ගනිමින් විදුලි බිල වැඩි කිරීමට ලංවිම මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ඉල්ලා තිබුණි.


56%කින් විදුලි බිල වැඩි කිරීමට ලංවිම සුදානම් වන බව විදුලි පාරිභෝගික සංගමය බදාදා (6) ප්‍රකාශ කර තිබුණි.
එම ඉල්ලීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව කිසියම් තීරණයක් ගෙන තිබේදැයි කළ විමසීමකදී එහි සාමාජිකයෙකු ඊයේ (7) ඉරිදා ඉංග්‍රීසි පුවත්පතකට කියා සිටියේ ලංවිම සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න විසින් එවා ඇති අදාළ ලිපිය තමන්ට ලැබුණු නමුත් තවමත් තීරණයක් නොමැති බවයි.  “විදුලිබල මණ්ඩලය විසින් එවා ඇති අදාළ ලිපිය මම දුටුවෙමි,

නමුත්, එය සලකා බලනවාද නැද්ද යන්න පිළිබඳව අපි තවමත් තීරණය කර නැත. තීරණයක් ගැනීමට පෙර අප අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තිබේ.” එම ප්‍රකාශකයා දන්වා තිබේ.

මේ අතර, විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ECA සභාපති සංජීව ධම්මික කියා සිටියේ විදුලිබල මණ්ඩලය 56% කින් ගාස්තු වැඩි කිරීමට සූදානම් වන නමුත් විදුලිබල මණ්ඩලයට සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරට අවශ්‍ය විටෙක විදුලි ගාස්තු සංශෝධනය කළ නොහැකි බවයි.  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් වසරකට සිදු කළ හැක්කේ ගාස්තු සංශෝධන දෙකක් පමණක් බවත් එම නිසා එය විදුලිබල මණ්ඩලයට වැරදි තිබෙන බවත් පැවසීය.  

මින් ඉහත ලංවිම ගාස්තු වැඩිකිරීම ජනතාවට තවමත් දරා ගැනීමට අපහසු මට්ටමක පවතී.