ella-austria

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි ඔස්ට්‍රියානු ජාතික නිකෝ ඔසිව්ස් හැමර් (Nico Ocives Hemer) නැමැති අය කොස්ලන්ද ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශයට ඉකුත් 29 වැනිදා ක්‍රීවිලයකින් යමින් සිටි අතර, වැල්ලවාය නගරයට පැමිණ සිටියදි ඔහුගේ මුදල් පසුම්බිය අස්ථානගතවී ඇත.
එහි මුදල් රුපියල් හත්දහසක්, ඩෙබිට් සහ ක්‍රෙඩිටි කාඩි දෙකක් තිබි ඇත. ඔහු එම කාඩ්පත් වල ගිණුම් සොයා බැලීමේදී අවස්ථා දෙකකදී ඩෙබිට් කාඩ්පතින් රුපියල් පනස් දහසක්ද ක්‍රෙඩිටි කාඩ්පයකෙන් ලක්ෂය බැගින් දෙව්රරක් රුපියල් ලක්ෂ දෙකක මුදලක් රැගෙන ඇති බව අනාවරණයවී ඇත.


ඔහු විසින් ඉකුත් 29 වැනිදා ඒ පිළිබඳව වැල්ලවාය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ වැල්ලවාය පොලිසියේ උ. පො. ප. රාජපක්ෂ මහතා කාඩ් සොරාගත් අය ඩැල්ලවායේ අයි. ඕ. සී ඉන්ධන හලෙන් කාඩ්පත් ලබාදී ඉන්ධන ලබාගෙන ඇති බව සී. සී. වී. වී. දර්ශන අනුව අනාවරණය කරගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය සාලබෝව නිවාස මාවත ඉදිරිපිට පදිංචි 28 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවටගෙන ඇති අතර, ඔහු ළඟ තිබි මුදල් ලබාගැනීමට ලබාදුන් රිසි විපත් සොයාගෙන ඇත. සැකකරු සහ නඩුභාණ්ඩ වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.