පහ වසරේ ඉගෙනුම ලබන සිසුවියන් එකොළොස් දෙනකු පමණ ලිංගික අතවරයකට ලක් කළ බව කියන කුරුණෑගල නගරයේ ප්රධාන මිශ්ර පාසලක ඉංග්රීසි ගුරුවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය කියයි. පොතුහැර ප්රදේශයේ පදිංචි පනස්පස් හැවිරිදි දෙදරු පියකු වන සැකකරුට එරෙහිව මවුපියන් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීම හේතුවෙන් ඔහු ප්රදේශයෙන් පලා ගොස් සිටි බව වාර්තාවේ.සැකකරු උගන්වන අවස්ථාවල දී සිසුවියන්ට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වමින්,
සිසුවියන්ගේ ශරීරය අතපත ගාමින්, මිරිකමින් රහස් පෙදෙස පවා අල්ලමින් ඔවුන් අතවරයට ලක් කර ඇති බව ද කියයි.
දිනපතාම සිදුවන මෙම අතවර සම්බන්ධයෙන් සිසුවියන් නිවසේ දී තම මවුපියන්ට දැන්වීමෙන් පසුව ඔවුන් මේ සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇත. ඒ අනුව කුරුණෑගල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. අතවරයකට ලක් වූ බව කියන සිසුවියන්ගේ මවුපියන් පිරිසක් මේ පිළිබඳව එම පාසලේ විදුහල්පතිවරයාට ද පැමිණිලි කර ඇත.නමුත් විදුහල්පතිවරයා එම පැමිණිලි නොසලකා හැර කටයුතු කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් මවුපියන් පිරිසක් විදුහල්පතිවරයාට තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ඊට සම්බන්ධ මවුපියන් පිරිසට එරෙහිව ද නීතිමය ක්රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.මෙම ගුරුවරයාගෙන් අතවරයට ලක්වූ බව කියන තවත් සිසුවියන් සිටිත් නම් ඒ සම්බන්ධයෙන් පැමිණ පොලීසියට පැමිණිලි කරන ලෙස ද පොලීසිය ඉල්ලීමක් කරයි.
ශ්රීනාත් ප්රසන්න ජයසූරිය
0 Comments