අපොස උසස් පෙළ සමත් බවට ව්‍යාජ අධ්‍යාපන සහතිකයක් ඉදිරිපත් කර ගුරුපත්වීමක් ලබාගෙන සිටි සිවිල් ආරක්ෂක භටයෙක් යාපනය විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.සැකකරු ස්වේච්ඡා ගුරුවරුන් සඳහා 2011 වසරේ යාපනය පුස්තකාලයේ පැවැති තරග විභාගයකට මොහු මෙම ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර එම සම්මුඛ පරීක්ෂණය සමත් වී ගුරුපත්වීම ලබා ගෙන ඇති බව පොලිසිය පවසයි.
එම පත්වීම අනුව වසර කිහිපක් පුරා පාසල් ගුරුවරයකු වශයෙන් කටයුතු කර ඇති බව පොලිසිය පවසයි. 2019 වසරේ ස්වේච්ඡා ගුරුවරුන් ස්ථිර කිරීමේ දී මොහුගේ සේවය ස්ථිර කර මුලතිව් කලාපයේ පාසලකට අනුයුක්ත කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
2023 වසරේ ඔහුට උස්සවීමක් ලබාදීම සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීමේ දී ඔහු ලබා දී ඇත්තේ ව්‍යාජ අධ්‍යාපන සහතිකයක් බවට හෙළි වී ඇත.උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධයෙන් යාපනය විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලට අනුව විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පදවිය ප්‍රදේශයේ පදිංචි (40) හැවිරිදි පුද්ගලයකු බවත් සිවිල් ආරක්ෂක භටයකු වශයෙන් සේවය කරමින් සිට ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර මොහු ගුරු සේවයට එක්ව ඇති බවද පොලිසිය පවසයි.යාපනය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ. ගුණරෝජන් මහතාගේ මෙහෙය වීමෙන් විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දිකා රාමනායක
0 Comments