father-love-wedding

පුතා මනාලියක රැගෙන ගෙට එනදා අතුරුදන් වූ පියකු පිළිබඳ පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ නිල්වලා ගංගාව ආරම්භ වන කඳුකර ප්‍රදේශයේ  ගම්මානයකිනි. එය සැකෙවින් මෙසේය.

තම පුතුට ගැළපෙන තරුණියක සොයා කපුවන්ගේ සහය ගත් පියෙකුට පෙරකී ප්‍රදේශයේ ප්‍රභූ පවුලක රූමත් දියණියක් ගැන  තොරතුරු ලැබිණ.

කපුවා සහ පුතා සමග එහි ගිය පියාට සැබවින්ම රුමත් දියණිය මුණ ගැසුණු අතර ඇය මව සමඟ සිටින බවත් මව දැඩි දුකක් විඳ ඇය ලොකු මහත් කොට උගන්වා හොඳ රැකියාවක් ලබා දී ඇති බවත් දැන ගත්තේය.
දරුවා ඇති දැඩි කිරීමට තමා ගත් වෙහෙස ඇය කීවේ කඳුළු පිසමිනි. පියාට ද දැඩි දුකක් ඇති වූයෙන් ඔහු පුතාට  කීවේ මේ කටයුත්ත කර ගන්නා  ලෙසටය. පසුව දෙපිරිසම ඊට  එකඟවී මංගල්‍ය උත්සවය මහ ඉහළින්  ගත්හ.මෙහිදී පියා ගෙවල් දෙකේම කටයුතු කළේ මහත් උනන්දුවෙනි.මධු සමයෙන් පසු මනාලයාගේ නිවසට ජෝඩුව ආදා පියා එහි නොවූයෙන් මනාල පුතා විමතියට පත් වුවත්  මව ඔය මනුස්සයගෙ වැඩේ එහෙ මෙහෙ දුවන එකනෙ කීවේ තවදුරටත් ඒ ගැන  නොසොයමිනි.

ඒ අවස්ථාවේ කලබලයට පත් මනාල දුව තම මවට ඇමතුමක් ගත්තාය. කලබල වෙන්න එපා දුවේ. තාත්තා මෙහෙ ඉන්නට මව කීමෙන් දියණියට “හත් දෙයියනේ'' කියවුණාලු.