father-wanted

නව හැවිරිදි (අවුරුදු 09යි මාස 02ක් ) සිය දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් කර පලාගොස් සැඟව සිටින පියෙක් අත්අඩංගුවට ගැනීමට මාවතගම පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කර තිබේ.

මාවතගම පොලිසිය එසේ සොයන්නේ ඉහත ඡායාරූපයේ සිටින මිරිස්ස බඩල්ගේ ගිහාන් ධනුෂ්ක නැමැති 29 හැවිරිදි අයෙකි.

ඔහු සසම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් මාවතගම පොලිසියේ 037-2299222 යන අංකයට හෝ 071-8591258 යන පොලිස් ස්ථානාධිපතිවරයාගේ අංකයට හෝ 071- 859402 යන ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාගේ අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.