food-city-borella-update

අන්තර්ජාලය තුළ ආන්දෝලනයක් ඇති කරමින් බොරැල්ල කොටා පාර කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාවකදී කළමණාකාරිය හා සේවක සේවිකාවන් අතින් පහරකෑමට ලක්වූ තරුණිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ අනුව ඇයගේ පෙර වැරදි ගැන පොලිසිය වැඩිදුර පැහැදිලි කිරීමක් කර තිබේ.
 ඉකුත් 18 වෙනිදා  එම වෙළඳසැල තුළින් චොකලට් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුකර පසුව කාන්තාව විසින් හා සමාජ ක්‍රියාකාරීන් කළ පැමිණිලි වලින් පසු දින කිහිපයකට පසු 23 වනදා ඇයට පහරදුන් ෆුඩ් සිටි සේවකයින් 7 ක් අත්අඩංගුවට ගන්නට බොරැල්ල පොලිසිය කටයුතු කර තිබුණි.
මේ සම්බන්ධ පරීක්ෂණයට 26 හැවිරිදි හංවැල්ල ප්‍රදේශයේ පදිංචි පහරකෑ තරුණියගෙන්ද පොලිසිය ප්‍රකාශ ලබාගෙන තිබේ.
ඇයගේ නම පරීක්ෂා කිරීමේදී මීට පෙර වැලිකඩ කොල්ලුපිටිය හා කොහුවල  සුපිරි වෙළඳසැල් වලින් භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන්  චෝදනාවට ලක්වූ තැනැත්තියක බව පොලිසිය ප්‍රකාශ කරයි. ඇය අයිස් මත්ද්‍රව්‍ය පානයට දැඩිව ඇබ්බැහි තැනැත්තියක් බවත් පොලිසිය කියයි
තරුණියට වටකර අමානුෂික අයුරින් පහර දීමේ  සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට එහි කළමණාකාරිවරිය තරුණියන් තිදෙනෙක් තරුණයින් තිදෙනෙක් ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් වැඩි ප්‍රමාණයක් හැටන් දෙහිඅත්තකණ්ඩිය නොර්වුඩ් වැනි ප්‍රදේශ වල පදිංචිකරුවන් බවද හෙලි කර තිබේ.

කිසියම් කෙනෙකු  වෙළඳ සැලේ භාණ්ඩ සොරා ගන්න බවට නිර්ක්ෂණ වුවහොත් , එයට විකල්පය පහර දීම නොව සේවකයන් ඒ සම්බන්ධයෙන් එහි ආරක්ෂක නිලධාරීන් දැනුවත් කර එම පුද්ගලයා හෝ කාන්තාව අල්ලා පොලිසියට බාර දීම  බව පොලිසිය පෙන්වා දෙයි.
පහර කෑ තරුණිය ඉකුත් 18 වෙනිදා  එම වෙළඳසැල තුළින් චොකලට් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුකර ඇති අතර තරුණිය තමන්  හැඳ සිටි ටී ෂර්ට් එක ගලවා කිසියම් වූ තියුණු ආයුධයකින් අත කපාගෙන එම ස්ථානයෙන් පළා ගොස් තිබූ බවද පොලිසිය පැහැදිලි කර තිබේ.

 පහරදීම සම්බන්ධයෙන් එම සුපිරි වෙළඳසැලේම සේවකයකු වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලාවලට යොමු කිරීමෙන් අනතුරුව එය සමාජය අතර  දැඩි ආන්දෝලනයක් ඇති විය.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙන අතර තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
 



සිද්ධිය සම්බන්ධ පෙර විස්තර


NEW💥 ගොසිප් ලංකා නිවුස් WhatsApp නාලිකාවෙන් පුවත් බලන්න Follow කරන්න
Follow the Gossip Lanka News channel on WhatsApp:

https://bit.ly/GossipLankaNewsWhatsApp