food-city-hanwella-5-arrested

බොරැල්ල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකදී ඊයෙ (22) තරුණියක අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය පිළිබඳව අද දිනය දක්වා කිසිවක් සිදු නොවූ අතර අද උදෑසන පොලිසියට ගොස් පාර්ශ්ව කිහිපයක් කළ පැමිණිලි වලින් පසු සිද්ධියට සම්බන්ධ කාර්ගිල්ස් ෆුඩ් සිටියේ  සේවකයින් 05 ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කර තිබේ.
(සිද්ධියට අදාළ මුල් වාර්තා වලින් හංවැල්ල ලෙස සඳහන් වුවද මෙය බොරැල්ල ලෙස නිවැරදි විය යුතුය)


වාර්තාවන ආකාරයට බොරැල්ල කොටාපාර ප්‍රදේශයේ තරුණිය ෆුඩ්සිටියේදී සිදුකර ඇත්තේ චොක්ලට් සොරකමකි.

ඇය චොක්ලට් රැගෙන සඟවාගෙන රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ එය ෆුඩ් සිටි සේවකයින්ට හසුව ඇති අතර ආරක්ෂක අංශයට දන්වා විධිමත් ලෙස පරීක්ෂණයක් පැවැත්වීම හෝ පොලිසියට දන්වා පියවරක් ගැනීම වෙනුවට සුළු සොරකම සිදුකළ තරුණියට සමූහයක් එකතුවී පහරදීම සිදු කර තිබුණි.

මෙහි විශේෂත්වය වන්නේ තරුණියගේ ප්‍රශ්නය විසඳීමට අදාළ කළමනාකාරිවරියට උනන්දුවක් නොතිබීමය. ඇයද පාරිභෝගික කාන්තාවට බිම පෙරලා කෙස් වැටියෙන් ඇදගෙන පහරදෙන්නේ අතිශය අශෝභන ආකාරයටය.
එම පිරිසගේ හැසිරීමෙහි ගැටලු නිරාකරණයට සම්බන්ධ කිසිදු ‘වෘත්තීය‘ භාවයක් නොතිබීම ගැටලුකාරී විය.



කාගීල්ස් ෆුඩ්සිටි සුපිරි වෙළඳසැල් ජාල කළමනාකාරීත්වය සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර පවසා තිබුනේ අදාල සිද්ධිය තම සේවා ප්‍රමිතියට නොගැලපෙන බවත් පිළිබඳ කනගාටුව පළ කරන බවත් එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව විනය පියවර ගන්නා බවත් ය.

 සුපිරි වෙළඳසැලකදී සිදුවූ පහරදීමේ සිද්ධියට අදාළව බොරැල්ල ෆුඩ් සිටි සේවක කාන්තාවන් දෙන්නෙකු හා පිරිමින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් අධිකරණ කටයුතු සිදුවන බවත්‍ බොරැල්ල පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධ පෙර විස්තරය
කාන්තාවකට Food Cityයේදී අමානුෂික පහරදීම ගැන Cargills ලැජ්ජා වෙයි