food-city-lady-speaks

 පසුගියදා බොරැල්ල කොටා පාර කාගිල්ස් ෆුඩ් සිටි සුපිරි වෙළෙඳ සැලේදී කිරිපිටි පැකට්ටුවක් සොරකම් කිරීමේ සිද්ධියට එම ආයතනයේ පිරිසකගේ පහරකෑමට ලක්වූ බොරැල්ල මැගසින් පාරේ පදිංචි කාන්තාව යුටියුබ් නාලිකාවක පෙනී සිටිමින් ඇයට  ඇතිවූ බලපෑම් කිහිපයක් ගැන හෙළිදරව් කර තිබේ.ඇය එම වීඩියෝවේදී මෙසේ කියන්නීය.

“මට පොලිසියේදි කිව්වා ෆුඩ් සිටියට විරුද්ධව කිසි දෙයක් කියන්න එපා ඒගොල්ලන්ගෙන් 50000 ක් හරි ලක්ෂයක්හරි අරන් දෙන්නම් කියල. මාව පෙරට්ටුවට ගෙනිච්චාට පස්සේ එයාලව අඳුනගන්න එපා කියලත්කිව්වා. එයාලගෙන් ගාණක් අරන් දෙන්නම් කියලත් කිව්වා.


මාධ්‍ය මගින් ඔයාට එක එක ඒව කියන්න අඩ ගසාවි ඒවා කරන්න එපා එහෙම කිව්වොත් කුඩු ටිකක්දාල මාව හයි කෝට් දානව කිව්වා..

 හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න යන්න හදද්දි අමාරු වෙලා මට කිව්වා ඇඩ්මිට් වෙන්න එපා එහෙම වුනොතින්  පවු අහිංසක ගෑනු ළමයි හිරේ දාවි කියල. ඕක අතෑරලදාන්න කිව්වා..

 මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයා බන්ධනාගාර ගත වෙලා ඉන්නේ නැතිබැරිකමට මට උදව් කරන්න කවුරුවක්වත් නැහැ. මං බස්වල නැගලා හිඟාකාලා පවා ජීවත් වුණේ ආයේ ඉතින් ළමයින්ට බොන්න පිටි ඉල්ලලා තියෙනවා. නමුත් ඒ අය වැරදි දේවල් වලට ගොඩක් දෙනෙක් ප්‍රයෝජන ගන්න බලනවා.


මං ෆුඩ් සිටියෙන් පිටි එකක් හොරකම් කළ බව ඇත්ත. ඒ වෙලාවෙ සල්ලි මදි වුණා.
මගේ අතේ මුදල් තිබුනේ නැහැ. ළමයට පිටි‍ අවශ්‍ය නිසා මම පිටි එකක් හොරෙන් ගත්තා. ඒක ඇත්ත මං පිලිගන්නවා. නමුත් වැරැද්දක් කළා කියලා බොරුවට මගේ චරිතෙ ඝාතනය කරන එක වැරදී. මං කුඩු බොන කෙනෙක් නෙමේ. අවශ්‍ය නං මාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන්න කියලා මම කියනවා මත්කුඩු මත්ද්‍රව්‍ය කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නෑ කියලා මම කියනවා..“

(The News Reporter යුටියුබ් වාර්තාව ඇසුරිනි)