galle-russian-incident

ගාල්ල හබරාදූව, තල්පේ ප්‍රදේශයේ ආයතනයකදී රුසියානු ජාතිකයකුට පහරදී තුවාල කළේ යැයි කියන රුසියන් ජාතිකයන් 4 දෙනකු අත්අඩංගුවට ගැනීමට හබරාදූව පොලිසිය පරීක්ෂණ පවත්වයි.තුවාල ලැබූ තිස් නව හැවිරිදි රුසියානු ජාතිකයා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව හබරාදූව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගැනීමට සොයන රුසියානු ජාතිකයන් හතර දෙනා සහ පහරකෑමට ලක්වූ රුසියානු ජාතිකයා රුසියන් රූබල් ශ්‍රී ලංකාවේ මුදල්වලට මාරු කිරීමේ නිරතව සිට ඇති අය යැයි පොලිසිය සඳහන් කරයි.

එම මුදල් හුවමාරුවේදී ඇති වූ බව කියන බහින්බස්වීමක් දුරදිග යෑමෙන් පසු මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිසිය කියයි. තමන්ට පහරදුන් රුසියානු ජාතිකයන් හතර දෙන තමන් සතුව තිබූ රුපියල් ලක්ෂ 38 ක මුදලක්ද පැහැරගත් බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන කර ඇතැයි කියති. හබරාදූව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය