ගාල්ල ප්‍රදේශයේ කෝටිපති නිමිඇඳුම් ව්‍යාපාරිකයකු ගාල්ල ඉහළ ඩික්සන් පාර හන්දියේ දී පෙරේදා (23) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් ටී 56 ගිනි අවියකින් එල්ල කරන ලද වෙඩිවරුසාවකින් මෝටර් රථය තුළම ඝාතනය කර තිබූ අතර මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල වුඩ්වඩ් මාවතේ පදිංචි ලලිත් වසන්ත (60) නමැති දෙදරු පියෙකි. මෙම ඝාතනය පාතාල ක්‍රියාකාරකම් හා සම්බන්ධ ගැටුමක ප්‍රතිඵලයක් බවට දැන් තොරතුරු අනාවරණය වෙමින් පවතී.
කැෂුවල් ක්ලබ් නමැති නිමි ඇඳුම් වයාපාරය හිමි මෙම ව්‍යාපාරිකයා විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතාගේ බිරියගේ පියා බවද පොලිසිය පවසයි.
වෙඩික්කරුවන් මුලින්ම මෝටර් රථයට පිටුපසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එම වෙඩි පහරක් ව්‍යාපාරිකයාට වැදීමත් සමග ඔහු රථය නවතා ඇත.
මෝටර් රථය නැවතීමත් සමග වෙඩික්කරු පැමිණි යතුරු පැදියෙන් බැස මෝටර් රථයේ රියැදුරු අසුන ඉලක්ක කරගෙනවෙඩි වරුසාවක් එල්ල කර පසුව මුළු රථය වටේටම වෙඩි ප්‍රහාර එල්ල කර ඇතැයි පොලිසිය කියයි. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ව්‍යාපාරිකයා රියැදුරු අසුනේම මියගොස් ඇති අතර, වෙඩි ප්‍රහාර වලින් ඔහුගේ හිසේ කොටස් රථය පුරාම විසිරී තිබූ බවද පොලිසිය කියයි.මෙම ව්‍යාපාරිකයා රත්ගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කරුවකු බව කියන රත්ගම විදුර නමැත්තා සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු ලැබී ඇති බවත්,
ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසයි.රත්ගම විදුරගේ ප්‍රතිවිරුද්ධ කල්ලිය මෙම ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
සැකකරුවන් ව්‍යාපාරිකයාට වෙඩි ප්‍රහාර 25 ක් පමණ එල්ල කර ඇති බවත්, ව්‍යාපාරිකයා ඝාතනය කර ඇති අයුරු නිරීක්ෂණය කිරීමේ දී එම ප්‍රතිවිරුද්ධ කල්ලිය ඔහු සමග දැඩි වෛරයකින් සිට ඇති බවට සැකකරන බවත් පොලිසිය සඳහන් කරයි.මුහුණු ආවරණය කරගත් වෙඩික්කරුවන් දෙදෙනා ව්‍යාපාරිකයාගේ නිමිඇඳුම් වෙළෙඳසල ආසන්නයේ සිට ඔහුගේ මෝටර් රථය පසුපස හඹා එන අයුරු අසල සී.සී.ටී.වී. කැමරා කිහිපයක සටහන් වී ඇති අතර, වෙඩි තැබූ ස්ථානය තරමක් පාළු ස්ථානයක් වන බැවින් එම සිද්ධිය සී.සී.ටී.වී. කැමරාවලින් නිරීක්ෂණ නොවන බවද පොලිසිය පවසයි.
වෙඩික්කරුවන් ඔහුට වෙඩි තබා ඉදිරියට ගොස් අසල ඇති අතුරු මාර්ගයක් ඔස්සේ පලාගොස් ඇතැයි පොලිසිය කියයි.මෙම ඝාතනයේ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැත.ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය සිද්ධිය වූ ස්ථානයට පෙරේදා රාත්‍රියේම පැමිණ ඝාතනය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වූවාය.
ඉන්දිකා රාමනායක
0 Comments