gothatuwa-incident

ගොතටුව IDH ජලපවාහන මණ්ඩලය අසල ජල නලයක් පුපුරා යාමෙන් පියෙකු සමග පාසල් යමින් සිටි දියණියක අද (19) උදෑසන වතුර වළකට වැටී තිබේ.
අඩි 16ක් පමණ ගැඹුරු මෙම වළට දැරිය වැටී ඇති අවස්තාවේ පියා ඇයව බේරාගන්නට දැරූ උත්සාහය සාර්ථකවූයේ ප්‍රදේශවාසීන්ද ඊට උදව් කළ නිසාය.
‘මං බයික් එකේ දූව ඉස්කෝල එක්ක යන්න එද්දී එකපාරටම වළට බයික් එක ගියා. අපි දෙන්නාගෙන් මට ඉක්මණට ගොඩ එන්න පුළුවන් වුනා. ඒත් දුව යට ගියා. මං අතදාලා බැලුවම එයාගෙ ගවුමක් හරි අතක් හරි තැනකින් අල්ලගන්න පුළුවන් වුණා. එතැන ගැට්ටක් තිබුන නිසා මං ඒක අල්ලගෙන දූව උඩට ඇද්දා.

වටේ හිටිය අය අපිදෙන්නවම උඩටගන්න උදව් කරා. දුව දැන් ඉස්පිරිතාලෙ“ සිද්ධියට මුහුණදුන් පියා කීවේය.
ඔවුන්ගේ යතුරු පැදිය තවම වළ  ඇතුලේ බවද වාර්තා විය.

ජල නලය පුපුරා යාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවා ඇති අතර අසල්වාසියන් කීවේ
“තව කීදෙනෙක් ඇතුළේ ඉන්නවා ද දන්නේ නෑ. අන්න ඒකයි ඛේදවාචකය. මේක 6 යි ගානට දැක්කේ. එතකොට පාන්දර ගිය අයට මොනව වුනාද දන්නෑ”