මෙරට පළාත් සභා ඇතුළු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා වේතන ගෙවීම සඳහා 2023 ජනවාරි මස 01වැනිදා සිට අප්‍රේල් 30වැනිදා දක්වා කාල සීමාව තුළදී රජය මගින් දරනු ලැබූ වියදම 4%කින් පමණ අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා නිකුත් කර ඇති වාර්තාවකින් අනාවරණය වේ.
මෙම වර්ෂයේ මුල් මාස 04ක කාලය තුළදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා වේතන ගෙවීම සඳහා රුපියල් බිලියන 303.3ක මුදලක් වැය වී තිබිණි.
එහෙත් 2022 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් අතර කාලසීමාව තුළ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා වේතන ගෙවීම සඳහා රුපියල් බිලියන 316.1ක මුදලක් වැයකර තිබූ බවද එම වාරිතාවේ සදහන් වේ.
ඒ අනුව පසුගිය වර්ෂයේ මෙම කාලසීමාවට සාපේක්ෂව මෙම වර්ෂයේ කාලසීමාව තුළ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදල රුපියල් බිලියන 12.8කින් අඩු වී ඇත.
2022 වර්ෂය තුළදී විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව වැඩිවීම, අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවු. 60 දක්වා රජය විසින් සංශෝධනය කිරීම රාජ්‍ය අංශයට බඳවා ගැනීම අත්හිටුවීම නිසා වියදම අඩු වී ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරයි.
එසේ වුවද, මෙම වර්ෂයේ 2023 වර්ෂයේ ජනවාරි 01වැනිදා සිට අප්‍රේල් 30වැනිදා දක්වා (පළමු කාර්තුව) විශ්‍රාම වැටුප් ගෙවීම නිසා රජය විසින් රුපියල් බිලියන 105.9ක වියදමක් දරා තිබූ අතර, එය ඉකුත් වර්ෂයේ මෙම කාලසීමාවට වඩා 6.3%ක වැඩිවීමක් බවද එම බැංකු වාර්තාවේ සඳහන් වේ.
චන්දන සමරවික්‍රම
0 Comments