hanguranketha-youth-death

දැනට මාස හතරකට ඉහත මෝටර් රථයකින් පැහැර ගෙනවිත් පහරදී පමුණුවිල පොදු සුසාන භුමිය අසල දමා පලා ගිය විසි දෙහැවිරිදි තරුණයෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව පුතිකාර ලබමින් සිටියදී පසුගිය (11දා) පස්වරුවේ මියගොස් ඇත.

හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචිව සිටි ඉඳුනිල් කාරියප්පෙරුම (22) නමැත්තෙකු මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබිණි.



මේ සිද්ධිය සම්බන්ධව එම දිනවලදීම කාන්තාවන් දෙදෙනෙකු සමග තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරගත කොට පසුව ඇප මත මුදා හැර තිබූ අතර අදාළ තරුණයා මියයාමත් සමගම ඔවුන් නැවත අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණි.

මේ කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 22, 48වැනි වියේ පසුවන අතර තරුණයන් තිදෙනා 22 – 25 හැවිරිදි වියේ පසුවන්නෝ වෙති.

මේ කාන්තාවන් හා තරුණයන් කොළඹ - ග්‍රෑන්ඩ්පාස්, කිරිබත්ගොඩ, පමුණුවිල, වැල්ලම්පිටිය හා සපුගස්කන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවෝය.

තවද මේ තරුණයා පැහැරගෙන යෑමට යොදාගත් මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.

සපුගස්කන්ද පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.