hemali-kothalawala-nipa

ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රදේශ කිහිපයක පැතිර සහ මාරාන්තික නීපා වයිරස රෝගය ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඇති ඉඩකඩ අල්ප බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවැසුවාය.
මෙම රෝගය ඌරන්ගෙන් ව්‍යාප්ත විය හැකි බැවින් මෙරට සිටින උරන් සම්බන්ධව අවධානය යොමු කරමින් රෝග නිරීක්ෂ කටයුතු ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.


කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා පේරාදෙණියේ පිහිටි සත්ව නිෂ්පාදන හා 7 සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්යාලයට ගොස් මෙරට සත්ව නිෂ්පාදන කර්මාන්තය සහ මහජන සෞඛ්‍යාරක්ෂාව සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් කරුණු විමසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ නිසා වයිරස රෝග තත්ත්වය ලංකාවට ඇතුළුවීම වළක්වා ගැනීම සඳහා වහා රෝග අවේක්ෂණ කටයුතු අරඹින බවයි.
කුරුලු උණ රෝගය මෙ රටට ඇතුළු වීම වළක්වා ගැනීමට හැකි වූවාක් මෙන් නිපා වයිරසයද රටට ඇතුළුවීම වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා එහිදී උපදෙස් දුන්නේය.

අංජුල මහික වීරරත්න