හෝමාගම පෞද්ගලික ආයතනයකට අයත් පිට්ටනියක ආවරණය කළ කුඩා කාමර බාලවයස්කාර දරුවන්ට ලිංගික කටයුතු සඳහා කුලියට සපයා ඇති බවට ලැබුන පැමිණිල්ලක් මත හෝමාගම මූලස්ථාන පොලිසිය අධිකරණ නියෝගයක් සමග පැමිණ එම ස්ථානය අද (24) දින වටළා තිබුණි.
පිට්ටනියක කෙළවරට වන්නට පිහිටි අඩක් විවෘත කාමර පේලියක ජෝඩු රැඳී සිටි අතර වටළන අවස්ථාවේ ජෝඩු 24 ක් හමු වූ බව පොලිසිය කියයි.
ඇතැමුන් වෙත පොලිසිය යද්දී බාලවයස්කාරීන් නිරුවතින් සිටි අතර පොලිසිය ‘ඉක්මණට ඇඳුම් ඇඳගන්න‘ යයි පවසා එළියට ගන්නා ලදි. ඔවුන්ට ලබාදී ඇති කාමරයේ විවෘත් දොර දෙකක් හා මැද බංකුවක් තබා තිබුණි. ඇතැම් විට මෙම පිට්ටනියේ විවිධ ඉසව් සඳහා නරඹන්නන්ට තනා තිබූ අට්ටාලයක් විය හැකිලක්ෂණ පෙන්නුම් කෙරිණි.
මෙම බංකුවේ ජෝඩුවක් වාඩිවූ විට ඔවුන්ව පිටතට නොපෙනෙන අතර ඇතැම් බාලවයස්කාර යුවළ ඉදිරියේ හෙල්මටයක් හෝ බෑගයක් තබා පිටතට කිසිවක් නොපෙනෙන ලෙස එම ස්ථානය සකසා ගෙන සිටි අයුරුද දිස් විය.
වටලන අවස්ථාවේදී සිටි ජෝඩු කැදවා එම දරැවන්ට කරුණු පැහැදිලි කර දී උපදෙස් ලබාදුන් පොලිසිය ඔවුන්ගේ දුරකථන වලින්ම දෙමාපියන්ට ඇමතුම් ලබාගෙන සිද්ධිය ගැන දන්වා මුදා හැරීමට කටයුතු කර තිබේ.
බාලවයස්කාරයන් කිසිවෙකු අත්අඩංගුවට පත් වූයේ නැත.
මෙම ස්ථානයේ සිටි බොහෝ දරු දැරියන් බාහිර පන්ති යන බව පවසමින් එම ස්ථානයට පැමිණ සිටි බවද අනාවරණය වී තිබුණි.
කුඩා කාමරතුල නොහොබිනා අයුරින් සිටන බැවින් මේ සදහා පියවරක් ගන්නා ලෙස දෙමාපියන්ගෙන් පොලිසිය ඉල්ලා තිබේ.
හෝමාගම මහේස්ත්රාත් අධිකරණය මගින් ලබා ගත් සෝදිසි කිරීමේ නියෝගයක් මත මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ මෙම නවාතැන් සැපයූ පුද්ගලයා පැමිණ පොලිසිය සමග වාද කළේ එවැනි වැටළීමක් කරන්නට නීතිමය අවසර නැති බව කියමිණි. ඔහුට අධිකරණ නියෝගය පෙන්වූ පසු ඔහු නිහඩවූ නමුත් ඔහු තර්ක කළේ මේ අයට නිදහසේ පෙම් කරන්න දෙන එක වරදක්ද ලෙසිනි. එම අවස්ථාවේ පොලිස් නිලධාරියා පෙම් කිරීම හා ලිංගික හැසිරීම වෙනසක් ලෙස තර්ක කළ නමුත් එය නවාතැන් සැපයූ පුද්ගලයා පිළිගත්තේ නැත.
ඔහුව අත්අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කළේය.
හෝමාගම මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
0 Comments