ශ්‍රී ලංකාව ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් සමාලෝචනය සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (27) මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර ඔවුන් පවසා සිටියේ ඔවුන්ගේ ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකාවේ ආර්ථිකය හසුරුවා නැති බවයි.
එහිදී අදහස් දැක්වූ එම නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන පීටර් බ්රූවර් පැවසුවේ මෙරට ආර්ථිකයේ යම් යම් සුබදායි ලක්ෂණ පෙන්වුවද තවත් අංශ වල වෙනස්කම් සිදුවිය යුතු බවයි.
විශේෂයෙන්ම බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටලු සම්බන්ධයෙන් එම නියෝජිතයින් විවිධ කාරණා පෙන්වා දී තිබුණි.
"නුදුරේදීම මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පිවිසීම සඳහා පළමු සමාලෝචනය යටතේ කණ්ඩායම තවදුරටත් සාකච්ඡා පවත්වනවා. ඒ සමගම අපි කැමතියි මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට උදව් කරන්න. පළමු සමාලෝචනයේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයට පිවිසීමට අපිට තව කාලය ටිකක් අවශ්‍යයි..."
“වර්ධන වේගය අඩු මට්ටමක පවතීයි. සැබෑ දළ දේශීය නිෂ්පාදිතය වසරින් වසර සියයට 3.1 කින් හැකිලීම ඇත. ඉහළ-සංඛ්‍යාත ආර්ථික දර්ශක අඛණ්ඩව මිශ්‍ර සංඥා සපයයි. මෑත මාසවලදී රාජ්‍ය සංචිත සමුච්චය මන්දගාමී වී ඇත”
ශ්‍රී ලංකාවට එහි ගැඹුරු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඉඩ සැලසීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගම්‍යතාව පවත්වා ගෙන යන කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට නුදුරු කාලීනව එළැඹීම සඳහා සාකච්ඡා කරන බව පමණක් දන්වා ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් එකඟ වී ඇති ඩොලර් බිලියන 2.9ක ණය මුදලේ දෙවැනි කොටස නිදහස් කිරීම පමා වෙතැයි අනුමාන කෙරේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්රූවර් පැවසුවේ ඒ සඳහා නියමිත කාල පරාසයක් කියන්නට බැරි බවයි.
0 Comments