
පැහැර හැර ඇති බදු වසර තුනක් ඇතුළත නොගෙවන්නේ නම් බදුකරුවන්ගේ දේපළ අත්පත් කර ගැනීම වැනි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
මේ බව දැනුම් දී ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගියදා එම කාරක සභාවට කැඳවූ අවස්ථාවේදීය.
ගෙවීම් පැහැර හැර ඇති බදු ප්‍රමාණය රුපියල් කෝටි අනූ හතර දහසකට අධික වුවත් ඉන් එකතු කර ගත හැකි මට්ටමේ පවතින්නේ රුපියල් කෝටි දාහත් දහස් පන්සියයක් යැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙහිදී ප්‍රකාශ කර තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ බැවින්, එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ව්‍යාපාරිකයන් බදු නොගෙවා සිටීමට උත්සාහ දරන බව කාරක සභා සභාපති කොළඹ දිස්ත්‍රික් මන්‍ත්‍රි පාඨලී චම්පික රණවක මෙහිදී සඳහන් කර ඇත.
මෙහිදී බදු ගෙවීම සහ ගෙවීම් පැහැර හැරීම වැළැක්වීම සඳහා දේශීය ආදායම් පනතේ පවතින නීතිමය තත්ත්වය සම්බන්ධ ගැටලු, RAMIS පද්ධතියේ තාක්ෂණික කාරණා සම්බන්ධ ගැටලු, නිලධාරින්ගේ පවතින අඩුපාඩු සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ විසඳුම් මාසයක් ඇතුළත කාරක සභාවට ලබාදෙන ලෙසත් සභාපතිවරයා දන්වා තිබේ.
නිලන්ත මදුරාවල
Comments
Post a Comment
Your comment will be visible after approval