india-moon-mission

සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩ බැස්ස පළමු රට බවට පත්වෙමින් ඉතිහාසගත වී දින කිහිපයකට පසු ඉන්දියාව සූර්යයා වෙත සිය පළමු නිරීක්ෂණ මෙහෙයුම දියත් කිරීමට සූදානම් වේ.



Aditya-L1 සෙනසුරාදා ඉන්දීය වේලාවෙන් 11:50 ට Sriharikota හි දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් පිටත්ව ගියේය.
එය පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 (සැතපුම් 932,000) දුරින් පිහිටා තිබේ.
ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ මෙම දුර ගමන් කිරීමට මාස හතරක කාලයක් ගතවනු ඇති බවයි.

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම වස්තුව අධ්‍යයනය කිරීම සඳහා යන මෙම ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ මෙහෙයුම නම් කර ඇත්තේ , සූර්යයාට අධිපති හින්දු දෙවියෙකු වන ආදිත්‍ය නමිනි.
තවද L1 යන්නෙන් අදහස් වන්නේ Lagrange point 1 යන්නයි. එනම් ඉන්දියානු අභ්‍යවකාශ යානය තැන්පත් කරනු ලබන සූර්යයා සහ පෘථිවිය අතර නිශ්චිත ස්ථානයයි.



යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියට අනුව, ලැග්‍රේන්ජ් ලක්ෂ්‍යයක් යනු සූර්යයා සහ පෘථිවිය වැනි විශාල වස්තූන් දෙකක ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක නොවන ස්ථානය වෙයි. එය අභ්‍යවකාශ යානා  ස්ථාන ගත කර තැබීමට සුදුසුම ස්ථානය වෙයි.
ආදිත්‍ය-L1 යානය " අභ්‍යවකාශ යානා නතර කල හැකි ස්තානයට" ළඟා වූ පසු, පෘථිවියට හා සමාන වේගයකින් සූර්යයා වටා කක්ෂගත වීමට හැකි වනු ඇත. මෙයින් අදහස් කරන්නේ චන්ද්‍රිකාව ක්‍රියාත්මක වීමට ඉතා කුඩා ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇති බවයි.
ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය (ඉස්රෝ) පවසන්නේ අභ්‍යවකාශ යානය ගුවන් ගත වූ පසු , එය L1 දෙසට දියත් කිරීමට පෙර පෘථිවිය වටා කිහිප වතාවක් ගමන් කරන බවයි.

මෙම L1 ස්ථානයේ සිට, ආදිත්‍ය-L1 චන්ද්‍රිකාව හට සූර්යග්‍රහණයකදී  පවා සූර්යයා නිරන්තරයෙන් නැරඹීමට හැකි වනු ඇත.

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය (ඉස්රෝ) මෙහෙයුම සඳහා කොපමණ මුදලක් වැය වේද යන්න ප්‍රකාශ කර නැති නමුත් , ඉන්දියානු පුවත්පත් වාර්තා පවසන්නේ රුපියල් බිලියන 3.78 (ඩොලර් මිලියන 46; පවුම් මිලියන 36) පමණ වැය වී ඇති බවයි.

ඉස්රෝ පවසන්නේ සූර්ය කක්ෂයේ පිටතම ස්ථරය නිරීක්ෂණය කිරීම සඳහා විද්‍යාත්මක උපකරණ හතක් රැගෙන යන බවයි.


මෙම අධ්‍යයනය  සූර්ය සුළං සහ සූර්ය ගිනිදැල් වැනි සූර්ය ක්‍රියාකාරකම් සහ පෘථිවියට සහ අභ්‍යවකාශයට ආසන්න කාලගුණය තත්ව සහා ඒවායේ බලපෑම පිළිබදව විද්‍යාඥයින්ට අවබෝධ කර ගැනීමට  උපකාර වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.

හිටපු ඉස්රෝ විද්‍යාඥ මයිල්ස්වාමි අන්නාදුරෙයි පවසන්නේ , සූර්යයා පෘථිවි කාලගුණය කෙරෙහි විකිරණ, තාපය , අංශු ගලායාම සහ චුම්භක ක්ෂේත්‍ර හරහා නිරන්තරයෙන් බලපෑම් කරන බවත් එය අභ්‍යවකාශ කාලගුණයට ද බලපාන බවත්ය.

ඉන්දියාවට අභ්‍යවකාශ චන්ද්‍රිකා 50කට වඩා ඇති අතර ඒවා සන්නිවේදන සම්බන්ධතා, කාලගුණය පිළිබඳ දත්ත ඇතුළු බොහෝ තීරණාත්මක සේවාවන් රටට සපයන අතර නියඟ සහ ඉදිරියේදී ඇති විය හැකි ව්‍යසන ගැනද අනාවැකි කීමට උපකාරී වේ.

UN's Office for Outer Space Affairs (UNOOSA) අනුව, ආසන්න වශයෙන් චන්ද්‍රිකා 10,290ක් පෘථිවි කක්ෂයේ පවතින අතර, ඒවායින් 7,800කට ආසන්න ප්‍රමාණයක් දැනට ක්‍රියාත්මක වේ.

 අන්නදුරෙයි මහතා පවසන පරිදි, ආදිත්‍ය L1 - අපගේ ජීවිතය රඳා පවතින තාරකාව පිළිබඳව වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට සහ පූර්ව අනතුරු ඇඟවීම් ලබා දීමට උපකාරී වනු ඇති බවයි.



එසේම මෙම මෙහෙයුම, අපගේ සෞරග්‍රහ මණ්ඩලය එකට තබා ඇති වසර බිලියන 4.5 ක් පැරණි සූර්යයා පිළිබඳ අපගේ විද්‍යාත්මක අවබෝධය වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇති බවද ඔහු පැවසීය.

ඉන්දියාවේ මෙම සූර්ය මෙහෙයුම පැමිණෙන්නේ , සදේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ලොව ප්‍රථම ගවේෂණ යානය සාර්ථකව ගොඩබැස්සවීමේ ගෞරවය එරටට ලැබී දින කිහිපයකට පසුවය.

ඒ සමඟම, ඇමරිකාව, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත මෘදු ගොඩබෑමක් සිදු කළ ලොව සිව්වන රට බවට ඉන්දියාව ද පත් විය

Aditya-L1 සාර්ථක වුවහොත්, දැනටමත් සූර්යයා පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින තෝරාගත් රටවල් සමූහයට ඉන්දියාව ද එක්වනු ඇත.

සූර්ය ගිනිදැල් අධ්‍යයනය කිරීම සඳහා 1981 දී සූර්යයා වෙත මෙහෙයුමක් දියත් කළ පළමු රට ජපානය වන අතර එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ඊඑස්ඒ) 1990 ගණන්වල සිට සූර්යයා අධ්‍යනය කරමින් සිටිති.

2021 දී Nasa හි නවතම අභ්‍යවකාශ යානය Parker Solar Probe සූර්යයාගේ පිටත වායුගෝලය වන corona හරහා පියාසර කළ ප්‍රථමයා බවට පත්වෙමින් ඉතිහාසගත විය.